යළිත් මුව ආවරණ පළඳින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි නිර්දේශ

0
263

කොරෝනාවෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් යළිත් මුව ආවරණ පළඳින ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය දැඩි ලෙස නිර්දේශ කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, ජනතාව ගෘහස්ත ස්ථානවල, පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී මුඛ ආවරණ පැළදීම සිදු කළ යුතු බව ය.

එම නිවේදනය පහතින් දැක්වේ.