වැල්ලම්පිටියේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙක් ඝාතනය කෙරේ

0
241

වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (ජූලි 25) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදු වී ඇති අතර බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ය.

මරණකරු වයස අවුරුදු 34ක් වන කුරුණියාවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (ජූලි 26) දින සිදු කිරීමට නියමිත ය.

ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.