රාජ්‍ය ආයතන කිහිපයක ලොකු පුටු මාරුවක්

3
2358

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගරය යන රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ ජනරාල් තනතුරු සඳහා නව පත්වීම් සිදු කර ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අද (ජූනි 26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩී.ආර්.එස්. හපුආරච්චි මහතා පත්කර ඇති අතර පී.බී.එස්.සී. නෝනිස් මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

එමෙන් ම, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ජූඩ් නිලුක්ෂාන් මහතා පත් කර ඇති බව ගුණවර්ධන මහතා වැඩිදුරට ත් පැවසීය.

3 COMMENTS

  1. ඒ වගේම සියළුම රාජය ආයතන වල ලොකු පුටු සියල්ල මාරු කල යුතුය. රජයක් වශයෙන් බලාපොරොත්තු වූ සේවය ඔවුන්ගෙන් සිදුවනවාදැයි සැක සහිතය.

    • සියලු රාජ්‍ය ආයතන විගනනය කලානම් සේවය වෙනවද නැද්ද කියල බලන්න පුලුවන් නිකම් ආවට ගියට දේශපාලන මාරු වලින් වැඩක් නෑ

  2. ඔව්, එය එසේම විය යුතුයි. දැනට රාජ්‍ය මෙන්ම ව්‍යවස්ථාපිත මණ්ඩල වල අති දුෂිත නිලධාරීන් (බොහෝ විට හරි සුදුසුකම් නැති ) මුල් පුටුවල සිට ඔවුන්ගේ වංචා දුෂණ අනුමත නොකරන නිලධාරීන් බොරු චෝදනා වලට හසුකරමින් ආයතන අකර්මන්‍ය කරමින් රටට එම ආයතන වලින් විය යුතූ සේවය ලබානොදී, ඔවුන් හා චක්ගෝලයන් යෙහෙන් වැජඹෙමින් සිටීම නිසා රටට අමතර බරක් එක් කරනවා. එම නිසා ඉතාමත් කඩිනමින් මුල් පුටුවල සිටින දුෂිතයින් එලවා සුදුසුකම් ලත් අවංක නිලධාරීන් යෙදවිය යුතුයි.

Comments are closed.