සිංගප්පූරුවේ සිටින ගෝඨාභය ගැන ඇමති බන්දුල කියන කතාව

0
409

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී සිටින බව තමන් කිසිසේත් විශ්වාස නොකරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (ජූලි 26) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණන බව තමන් දැන සිටි බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත්, ඔහු පැමිණෙන ස්ථිර දිනයක් සම්බන්ධයෙන් තමන් නොදැනුවත් බව ඔහු සඳහන් කළේ ය.

ප්‍රශ්නය: අපේ හිටපු ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිංගප්පූරුවට ගොස් සිංගප්පූරුවේ සැඟවී සිටිනවා. දැන් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා ඔහු අත්අඩංගුවට ගන්න යුද්ධ අපරාධ චෝදනා සම්බන්ධයෙන්. එම නිසා ඔහු අමෙරිකාවෙන් වීසා ඉල්ලලා තියෙනවා නැවත වරක්. ඒ වීසා ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා අමෙරිකාව. එතකොට නැවත ඔහු අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා ඇමතිතුමනි. ඒ සඳහා රජයේ මතය කුමක් ද?

පිළිතුර: මේ සම්බන්ධයෙන් කිසිදු ඔබ සඳහන් කළ කරුණක් පිළිබඳව කැබිනට් මණ්ඩලය සාකච්ඡා වුණෙත් නැහැ. මම දැනුවතුත් නැහැ. ඒ වගේ ම හිටපු ජනාධිපතිතුමා සැඟවිලා ඉන්නවා කියන එක මම කිසිසේත් ම විශ්වාස කරන්නේ නැහැ.

මොකද එතුමා නිල වශයෙන් අවශ්‍ය වීසා ලබා ගෙන තමයි ඒ රටට ගිහිල්ලා තියෙන්නේ, අනිත් ඕන ම කෙනෙක්ට තියෙන අයිතිය යටතේ. එතුමා ආපසු පැමිණෙන බව තමයි මම දැනන් හිටියේ. ඒ පිළිබඳ අදාළ වෙනත් තත්ත්වයක් තියෙනවා නම්, ඒකට අදාළ බලධාරීන් අපේ රටේ හිටපු ජනාධිපතිවරයාට උපද්‍රවයක් එලෙසින් සිදු නොවෙන්න අවශ්‍ය කටයුතු යොදයි.

එහෙම දෙයක් දේශපාලන වශයෙන් මිසක්, අපි දැනුවත් වෙලා නැහැ.

ප්‍රශ්නය: ජනාධිපති එනවා කියලා කිව්වා එහෙම එන දිනයක් තියෙනව ද?

පිළිතුර: හිටපු ජනාධිපතිතුමා නැවත පැමිණීම පිළිබඳව ස්ථිර දිනයක් පිළිබඳව මට දැනුවත් බව ක් නැහැ… මට දැනට…