ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවට ජූලි 13 වන දා බලහත්කාරයෙන් ඇතුළු වී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සහ කළ බවට චෝදනා එල්ල වී සිටින ධානිෂ් අලි (Dhaniz Ali) නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන්තොටුපොළින් විදෙස්ගත වීම සඳහා ගුවන් යානයකට ගොඩවී සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඩුබායි බලා යන ගුවන් යානයකට ඇතුළු වී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.