ත්‍රිරෝද රථවලට ඉන්ධන නිකුත් කිරීමට අලුත් ක්‍රමයක්

2
791

සියලු ම ත්‍රිරෝද රථ හිමියන් ඔවුන්ගේ ත්‍රිරෝද රථ ජූලි 31 වන දාට පෙර අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම දිනයට පෙර ඉන්ධන ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ හිමියන් එක් ඉන්ධන පිරවුම් හලක් නම් කළ යුතු බව ය.

ඒ අනුව, අගෝස්තු 1 වන දා සිට ත්‍රිරෝද රථවලට තමන් ලියාපදිංචි වූ ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ඉන්ධන ලබා ගැනීමට අවසර ලැබෙන බව අමාත්‍යවරයා දැනුම් දී ඇත.

එමෙන් ම උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන් සතිපතා ඉන්ධන අවශ්‍යතා සමග අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙස ත් ඉන්ධන ලබා ගැනීම සඳහා එක් පිරවුම් හලක් නම් කරන ලෙස ත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඔහු දැනුම් දෙන්නේ, චැසි අංකය මගින් ලියාපදිංචි විය නොහැකි වාහන භාවිත කරන්නන්ට සිකුරාදා සිට ආදායම් බලපත්‍රය යොදා ගනිමින් ලියාපදිංචි විය හැකි බව ය.

එමෙන් ම, 49cc බයිසිකල් භාවිතා කරන්නන් ඔවුන්ගේ බලපත්‍ර ලබා ගැනීමට සහ ජාතික ඉන්ධන අවසර පත සමග ලියාපදිංචි වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරට ත් දැනුම් දී ඇත.

2 COMMENTS

  1. යකෝ මුන්ට පිස්සු… සෙනසුරා තෙල ගැහුවට පස්සෙ ආයෙ අඟහරුවාදා ගහන්න තියෙන්නේ. වැඩට යන්න ඕනැ නිසා අගහරුවාදා ගහන්න බැරිඋනා. දැන් තෙලුත් නැහැ රස්සවත් නැහැ. ඔය කාංචන යාද කන්න දෙන්නෙ ඕකට පිස්සු.කලින් ගමේ කිය කියා පොලින් පැනලා ගහපු කාලේ අපි පොලින්වල ඉදලා කොහොම හරි ගැහැව්වා. එකට දැන්. තෙල් තිබිලත් ගහන්න විදියක් නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එවුන් පලයව්. බැරිනම් මැරියව්. කිසිම ප්ලෑන් 1ක් නැතුව ඔළුවට එන හැමදේම කරනවා පිස්සො වගේ සක්කිලි ජාතියක් ඉන්නේ. පොඩි එකෙක්ට තේරෙන දේයක්වත් මූන්ට තේරෙන්නේ නැහැ. #Gohomranil

Comments are closed.