රස්තියාදුව නවත්තන්න තෙල් පෝලිම්වලට අලුත් නීතියක්

6
1662

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේදී එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පෝලිම් තුළ රඳවා සෙසු වාහන පෝලිමෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) දිවයිනේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

එලෙස රඳවා ගනු ලබන අවසන් වාහනය අසලින් ගමන් බාධකයක් යොදවා එම වාහන පෝලිමට වෙනත් වාහන එකතු වීම වැළක්වීමට කටයුතු කළ යුතු බව ත් බාධකයේ ඒ බැව් පැහැදිලිව පෙනෙන පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

එමෙන් ම, මාර්ග බාධකය දැමීමෙන් පසු කුමන හේතුවක් නිසා කිසිදු වාහනයක් එම පෝලිමට ඇතුළු කිරීම හා තවදුරටත් එම පෝලිම අසල කිසිවකුටත් රැඳී සිටීම වැළැක්වීමට ද පියවර ගත යුතු බවට හෙතෙම සියලු ම පොලිස් ස්ථනාධිපතිවරුන්ට නියෝග නිකුත් කර ඇත.

තව ද ඉන්ධන පිරවුම්හල් වෙත දිනකට ලැබෙන ඉන්ධන ප්‍රමාණය අනුව එම ඉන්ධන එක් එක් වාහන කාණ්ඩය යටතේ කොපමණ වාහන සංඛ්‍යාවකට නිකුත් කළ හැකි ද යන්න ගණනය කොට එලෙස ඉන්ධන නිකුත් කළ හැකි වාහන සංඛ්‍යාව පමණක් ඉන්ධන පිරවුම් හල් වෙත රඳවා සෙසු වාහන ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ද දන්වා ඇත.

එසේ ම, දිනකට ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ හැකි ඉන්ධන ප්‍රමාණය සහ වාහන ප්‍රමාණය පිළිබඳව පරිභෝගිකයන් දැනුවත් කරන ලෙස ත් අදාළ වාහනයේ අවසන් අංකය සඳහා ලබා දී ඇති ඊළඟ දිනය පිළිබඳවත් ඔවුන්ට දැන්වීමකින් හෝ වාචිකව පවසන ලෙසට ද පොලිසිය උපදෙස් දී තිබේ.

එමෙන් ම, අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා ඉන්ධන හලේ රාජකාරි සඳහා යොදවා ඇති නිලධාරීන් එම ඉන්ධන හල වෙත පැමිණෙන වාහන අහඹු ලෙස පරීක්‍ෂා කළ යුතු බව ත් ව්‍යාජ අංක තහඩු භාවිත කරමින් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් එමගින් අනාවරණය කර අවශ්‍ය නෛතික පියවර නොපමාව ගත යුතු බවටද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර තිබේ.

ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේදී ද ඇතැම් පුද්ගලයන් විසින් (විශේෂයෙන් ම ත්‍රිරෝද සහ යතුරුපැදි) ඉන්ධන රැස්කොට නීති විරෝධී ලෙස ගබඩා කර තබාගෙන අධික මිල ගණන් යටතේ අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි වාර්තා ලබාගෙන එවැන්නන් අත්අඩංගුවට ගෙන එම ස්ථාන වැටලීම ටද කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා තිබේ.

එමෙන් ම, ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මහ ජනතාව සමග සුහදව කටයුතු කර ඔවුන්ගේ සහය උපරිම අන්දමින් ලබා ගන්නා ලෙස ද දැනුම් දී ඇත.

6 COMMENTS

  1. මම පිලිකා රෝගියෙක් වෙමි.මා අද දිනයේ පාන්දර 3සිට පොලිමේ ගොස් .පෙට්ට්‍රෝල් ගැසීමට යාමේදී මා හට ඉංදන වශයෙන් ලීටර් 4ක් දුන් අතර.වෙනත් ගෙහැනු අයට ඉන්දන ටෙංකිය පිරෙන්නම් දුන්නා.මං මගේ ඇස් දෙකටම දැක්කා.මට ඔව්න් පවසා සිටියේ 2000කට වෙඩියෙන් දෙන්න බෑ කියා.ඒත් මගේ ඇස් දෙකටම දැක්කා බූලි වලට කට්ටිය ගෙනියනවා.ඒවට කිසිම ලිමිට් එකක් නෑ.මා දැනට මහරගම පිලිකා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නේ.මාගේ වයස 30 .මේ සිදුවීම සිද්ද වූයේ බදුල්ල හිදගොඩ Ioc සෙඩ් එකේ..

  2. Ceypetco & LIOC ඉන්ධන පිරවුම්හල් වලට පළමුවෙන්ම QR Code එකක් සාදා ඉන්ධන බෙදාහැරීම කළ යුතු අතර පිරවුම් හල් වලින් ඉන්ධන නිකුත් කළ ආකාරය ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය තුළින් දැක ගැනීමට හැකි වන අතර පිරවුම්හල් හිමියන් ඔවුන්ගේ සංචිතය ලීටර් දාහකට පැමිණි අවස්ථාවේදී පමණක් නැවත තෙල් ඇනවුමක් සිදු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

    එමගින් ඉන්ධන ළමනාකරණය ප්‍රායෝගිකව සිදුකර ගැනීමට හැකිවනු ඇත. ඉන්ධන ලබාගැනීමේදී පාරිභෝගියන් හට පෙනෙන පරිදි පිරවුම්හලේ රූපවාහිනී තිරයක් සවිකොට එය මත දැනට පවතින සංචිතය පෙන්නුම් කිරීමට හැකි වන අතර එමගින් පාරිභෝගිකයන් ද අනවශ්‍යය ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් හෝ සේවකයන් අතර ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ නොකරයි. ගැටුම්වලට ප්‍රධාන හේතු වන්නේ ඉන්ධන පිරවුම් හලේ ඇති සංචිතය නිවැරදිව පාරිභෝගිකයන් හට දැනගැනීමට නොහැකිවීමයි.

    රථ වාහන හිමියන්ට වගේම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට QR Code system එක අනිවාර්ය කළ යුතු වේ. රථ වාහන වලට අවශ්‍යය ඉන්ධන කෝටා සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයකින් පසු කොපමණ ප්‍රමාණයක් අදාළ වාහනයට ඉන්ධන කාර්යක්ෂමතාවය මත නිකුත් කිරීමට හැකියාව පිළිබඳ සොයා බැලිය යුතුය.

  3. මේ අදහස නම් හොදයි . කොච්චර වේලාවක් පෝලිමේ හිටියත් තෙල් ගහගෙන යන්න පුලුවන් නේ. කිසිම පෝලිමක මේ වෙනකම් දැක්කෙ නැහැ පොලීසිය පෝලිම දිහා බලන්නෙ වත් නැහැ . ශෙඩ් එක ඇතුලෙ ඉන්නේ . පැය ගනන් පෝලිමේ ඉදලා හිස් අතින් ගෙදර යනවා. ශෙඩ් එකේ අයිතිකාරයාට,පොලීසියට සාප කරන එක හරි නවතීවි.

  4. Gonagaldeniya petrol shed eka …මැරයන් ge saha..marayanta hithawath police nildareen nisa kala neethiya raja krana tanak we aththa…police pathitumni me gana visesa අවධානයක් yomubkara asarna minissu මැරයන් gen beraga
    nna.

Comments are closed.