හුදෙකලාව සිටි මවගේ ගෙල කපා මරලා

0
28

නිවෙසේ තනිව ජීවත් වූ හැට අට හැවිරිදි තිදරු මවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙළම්බඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වෙළම්බඩ පරණ පට්ටිය වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචි අඹන්වල ගෙදර පොඩිනෝනා නමැති කාන්තාවකි.

සිද්ධිය ඊයේ (25දා) අලුයම් කාලයේදී සිදුව තිබෙන බවට සැක කරන පොලිසිය තිදරු මවක වන මෙම කාන්තාව මාස හයක පමණ කාලයක් අදාළ නිවෙසේ තනිව ජීවත්ව තිබෙන බවත් ඇගේ සැමියා දරුවකුගේ නිවෙසේ වාසය කර ඇති බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

එහෙත් මෙම කාන්තාව පැලඳ සිටි රන් ආභරණ කිසිවක් සොරාගෙන නොමැති බවත් ඝාතනයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද වෙලම්බඩ පොලිසිය සඳහන් කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙලම්බඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.  

මහනුවර – කේ.එල්. සුරවීර