ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පොදුරද මඬුුලු උළෙලට යයි

0
71

එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී  ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (25දා) මවුබිමෙන් පිටත්ව ගියේය.

ඒ අනුව චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම මෙම තරගාවලියේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව ඇත. එහිදී ඔවුන් මෙම මස 30 වැනිදා සත්කාරක එංගලන්ත පිල සමඟින් ද, අගෝස්තු මස 2 වැනිදා නවසීලන්තය සමඟින් සහ 4 වැනිදා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟින් මූලික වටයේ තරග සඳහා එක්වනු ඇත.

ශ්‍රී  ලංකා කාන්තා සංචිතය –

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධිනී, සුගන්ධිකා කුමාරි, රෂ්මි ද සිල්වා, ඕෂධී රණසිංහ, අනුෂ්කා සංජීවනී.

ඡායාරූප අනුග්‍රහය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය