ව්‍යාජ අංක තහඩුවකින් තෙල් ගහන්න ආ ලොරියේ රියැදුරුට රු. 25,000ක් දඩ

0
17

කුඩා ලොරියකට ව්‍යාජ අංක තහඩුවක් සවිකර මිනුවන්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණ ඩීසල් ලබාගැනීමට යෑමේදී පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ලොරි රථ රියැදුරුට රුපියල් 25,000ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය පසුගිය 22 වැනිදා නියම කළාය.

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ බෙන්තොටගේ දුලාර මධුශංක නමැති රියැදුරුට මෙසේ දඩ නියම කර රියැදුරු බලපත්‍රය අත්හිටුවිණි.

සැකකරු එම ඉන්ධන හලෙන් ලොරි රථයට ඩීසල් ලබාගෙන පිටව ගොස් තිබේ. පසුව එදිනම එම ලොරියට ව්‍යාජ අංක තහඩුවක් සවිකරගෙන නැවතත් ඩීසල් ලබාගැනීමට පැමිණ සිටියදී ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ලොරිය සමඟ රියැදුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පො.ප. අබේරත්න මහතා පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ