වලාන පිරවුම්හලේදී මාධ්‍යවේදියාට පහරදුන් 3ක් අත්අඩංගුවට

0
16

පොතුපිටිය – සුමිත් රණවකවලාන ඉන්ධන පිරවුම්හලක වීඩියෝවක් ෆේස්බුක් ගිණුමේ පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකුට පහරදුන් එම පිරවුම්හලේම කළමනාකාරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (24දා) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, තන්තිරිමුල්ල සහ එළුවිල ප්‍රදේශයේ පදිංචි 56 සහ 32 වියැති පුද්ගලයන් දෙදෙනෙකි.

ජාතික ඉන්ධන ප්‍රතිපත්තියට අනුව QR කේතය හඳුන්වාදීම ඉකුත් 23 වැනිදා එකී ඉන්ධන පිරවුම්හල යොදා ගැනීමට නියමිතව තිබූ නමුත් එදින ඉන්ධන නොලැබීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

එහි පුවත් වාර්තාවක් සකස් කිරීම සඳහා අදාළ මාධ්‍යවේදියා එහි ගොස් ඇති අතර ඔහු එය සිය ෆේස්බුක් ගිණුමේද පළ කර ඇත.

ඊට පසු දින එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කරන බවට පිරවුම්හලෙන් ලද ඇමැතුකමකට අනුව එකී මාධ්‍යවේදියා එහි ගෙස් ඇති අතර එහිදී පිරවුම්හලේ හිමිකරු විසින් පෙරදින පළ කළ වාර්තාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත. පසුව ඇති වූ කතාබහ අතරතුර පිරවුම්හලේ කළමනාකරු මාධ්‍යවේදියාගේ කමිස කොළරයෙන් අල්ලා ඇද ඇති අතර ඔහු ඉන් පිටව යන අවස්ථාවේදී වලාන බුදු පිළිමය අසලදී ඒ අනුව දෙදෙනකු ඔහුට අතින් පයින් පහරදී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වී ඇතැයි පොලිසිය කීය. 

දෙපාර්ශ්වය සමථ මණ්ඩලයට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. පානදුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.  

පොතුපිටිය – සුමිත් රණවක