රනිල් අපට විශ්වාසයි

0
135

කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා ගන්නා ක්‍රියාකාරකම් කෙරෙහි තමන් විශ්වාසය තබන බව පවසමින් රුසියා සමූහාණ්ඩුවේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් පණිවුඩයක් එවා ඇත. ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී මැටෙරි (H.E. Yury Materiy) ඊයේ (25දා) අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණ රුසියානු ජනාධිපතිවරයාගේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබේ.

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත. “ඔබට සියලු සාර්ථකත්වය මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමි” යනුවෙන් ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයාට එවූ ලිපියේ සඳහන් කර තිබේ.

සඳුනි ගමාරච්චි