රටට ඩොලර් ගෙනෙන වැල්දොඩම් වගාව විනාශයි

0
15

මීට වසර ගණනාවකට ඉහතදී  කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මෙරටට ඩොලර් ඉපයීම සඳහා ගොවීන්ට හ¾දුන්වා දී තිබූ වැල් ‍ෙදාඩම් වගාවේ සාර්ථක අස්වැන්න නෙළා විදේශ රටවලින් ඩොලර් ලබා ගැනුණි. එහෙත් මේ වනවිට එම අස්වැන්න විනාශ වීමේ බරපතළ තර්ජනයකට තමන් මුහුණ පා ඇතැයි ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ ගොවීහු පවසති.

 වැල් ‍ෙදාඩම් වගාව මෙම ප්‍රදේශයේ විශාල ගොවීන් පිරිසක් කරගෙන යනු ලබන්නේ වසර ගණනාවක සිටය. මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වැල් ‍ෙදාඩම් වගාව සඳහා වතුර යෙදීමට භූමිතෙල් සහ ඩීසල් ලබා නොදීම නිසා මෙම වගාවේ අස්වැන්න  ගස් යටම වැටී විනාශ වෙමින් පවතින බව ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ වගාකරුවෝ පෙන්වා දෙති. නිසි ලෙස පොහොර නොමැතිවීම, විවිධ කෘමි නාශක වර්ග නොමැතිවීම නිසා වැල් ‍ෙදාඩම් වගාව දැඩි අසීරුතාවකට පත්වෙමින් තිබෙන අවස්ථාවක ඉන්ධන පිරවුම්හල්වලින් වගාවට අවශ්‍ය භූමිතෙල් නොලැබීම නිසා වගා සියල්ල විනාශ වන බවද පැවැසේ. විදේශීය රටවල්වලින් ලැබෙන ඩොලර් අහිමි වී ඇතැයිද එම ගොවීහු පෙන්වා දෙති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල මුදලක්  වියදම් කොට මෙම ආර්ථික වගාව හ¾දුන්වාදී තිබෙන බවත් එවැනි අවස්ථාවක අඩුම තරමේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ රජය වගකිව යුතු බලධාරීන් මෙම පලතුරු වගාව සඳහා ඉන්ධන ටික හෝ ලබාදීමට මැදිහත් වුවහොත් ගොවීන්ට පමණක් නොව රටටම ඩොලර් ලැබෙන බව මෙම ගොවියෝ පෙන්වා දෙති.

 විදේශ රටවල් රැසකට ඉහළ ඉල්ලුමක් ඇති මෙම වැල්‍ෙදාඩම් අස්වැන්න මිලදී ගන්නා  ව්‍යාපාරිකයන් කියා සිටියේ විදේශ රටවල පවතින ඉල්ලුම මේ දිනවල ඉහළ ගොස් ඇතත් සැපයුම ලබාදීමට නොහැකි වී ඇත්තේ ඉන්ධන අර්බුදය නිසා බවයි.

විශාල අස්වැන්නක් ලැබුණු ගලේවෙල ප්‍රදේශයේ වැල්‍ෙදාඩම් වගාව මේ වනවිට කුණුවී විනාශ වී යෑම නිසා අස්වැන්න ලබා ගැනීමට නොහැකි වී තිබේ.

 වැල් ‍ෙදාඩම් වගාවේ නිරතව සිටින ගොවීන් කියා සිටියේ තමන් වගා කර ඇත්තේ වැල්‍ෙදාඩම් නොව ඩොලර් බවය. තම අස්වැන්නෙන් රටට ඩොලර් ලැබෙන බවත් එම ඩොලර් යොදා ඉන්ධන ගෙන ඒම කරන බවත් එහෙත් ඉන්ධන පිරවුම්හල් සහ ඉන්ධන අලෙවි කිරීමේදී ඩොලර් උපයන තමන්ට ඉන්ධන නොදී රුපියල් උපයන අයට පමණක් ඉන්ධන ලබාදීම කරන බවයි.

දඹුල්ල – කේ.කේ. ආරියදාස