යාපනේ – කොළඹ ලංගම බසයේ රියැදුරුට හා කොන්‍ෙදාස්තරට ප්‍රහාරයක්

0
49

යාපනයේ – කොළඹ ලංගම බසයක රියැදුරුට සහ කොන්‍ෙදාස්තරවරයාට ඉකුත් 22දා ගල්ගමුව ප්‍රදේශයේදී එල්ල වූ පහරදීමක් හේතුවෙන් ඊයේ (25දා) උදෑසන සිට ලංගම සේවකයන් වැඩවර්ජනයක නිරත වීම හේතුවෙන් උතුරු පළාතේ බස් ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

ලංගම බස් සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් උතුරේ පෞද්ගලික බස් රථවලට ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබාගැනීමටද නොහැකි වී ඇත. පෞද්ගලික බස්රථවලට දෛනික ධාවන කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීම මත පෞද්ගලික බස් සේවා ධාවනයද සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

බස් ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීම මත උතුරේ සාමාන්‍ය මගී ජනතාව මෙන්ම පාසල් ළමයින්ද කාර්යාල සේවකයෝද දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටිති.

කෙසේ වෙතත් පහරදීම සිදුකර ඇත්තේද ලංගම සේවකයන් පිරිසක් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතරම අදාළ පිරිස් කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවද ගල්ගමුව පොලිසියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

වැඩවර්ජනයේ නිරත ලංගම සේවකයන් වැඩිදුරටත් පවසා සිටියේ පහරදීමට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනතුරු වැඩවර්ජනය අත්නොහරින බවය.

මුලතිව් – ශෂිකුමාර්, වවුනියාව – රසාදි චතුරංගි ගමගේ