මුලතිව් නිවෙසක පිස්තෝලයක් හා උණ්ඩ තොගයක්

0
15

මුලතිව් කෝපාපිලව් ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ පිස්තෝල උණ්ඩ 84ක් හා පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් මුල්ලියාවලෙයි පොලිසිය විසින් පෙරේදා (24දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පතරොම් හා පුපුරන ද්‍රව්‍ය පොලිතීන් උරවල දමා තාච්චියක් තුළ සඟවා තිබුණු බවත් නිවැසි කාන්තාව පොලිසියට පවසා ඇත්තේ එවැනි පතරොම් හා පුපුරන ද්‍රව්‍ය තම මුළුතැන් ගේ තුළ තිබෙන බවක් තමන් දැන නොසිටි බවයි.

මුලතිව් මුල්ලියාවලෙයි පොලිසියේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත අදාළ නිවෙසෙ පරීක්ෂා කිරීමේදී එම පතරොම් හා පුපුරන ද්‍රව්‍ය හමුවී ඇති අතර ඒවා කාහට අයත් දැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සැකකටයුතු කාන්තාව හා පතරොම් ඇතුළු එම පුපුරන ද්‍රව්‍ය තොගය මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.  

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ