මිනිත්තු එකහමාරේ කතාව

0
55

“කොළඹ යන්නම ඕනි හැදෙන්න නම්, ඔය දාස මුදලාලි එහෙමත් සත පනහ අරගෙන කොළඹ ඇවිල්ලනේ හැදුණේ.”

පොඩි කාලෙ ඉඳන් අහපු එකක් තමා ඕක. මිනිස්සු හිතාගෙන ඉන්නවා කොළඹ ආවොත් ලේසියෙන් ගොඩ යන්න පුළුවන් වගේම කොළඹ ගිය එකෙක් ලේසියෙන් ගොඩ ගිහින් නෑ කියලා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දෙකක් තියෙද්දී හරි එක තෝර ගන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක්.

එතකොට කොළඹ යන සමහරක් එවුන් ගොඩ යන්නත් සමහරක් එවුන් වරද්ද ගන්නත් හේතු තියෙන්න එපැයි. ඒකට හේතු හොයාගෙන හොයාගෙන යන චාරිකාවක ආරම්භය මේ. වරද්ද ගන්න එකා කොළඹ නෙවේ නකල්ස් කන්දේ මුදුනේ හිටියත් කෙළව ගන්නවා. ගොඩ යන එකා කොළඹ නෙවේ පොයින්ට් පේදුරුතුඩුවෙ හිටියත් ගොඩ යනවා. ඔය කෝකටත් බලපාන්නේ හිත

+ ඕයි ඉන්න බෑ අසහනේ! පොඩි කමිෂන් එකකුත් ආවා අතට. යන්ද කෑල්ලක් හොයන්න.

– කොහෙන්ද.

+ අපෝ බං! මේ කොළඹද කෑලි නැත්තෙ. වාහනේ ස්ටාට් කරල ගනිංකො.

– දැන් අපි කොහෙටද යන්නේ.

+ යමන් පාර දිගේ.

– පාර දිගේ?

+ ඔව්! ලොකු ලොකු එව්ව ගන්න සල්ලි නෑ. පාරෙ ඉන්න එකක් ටෝක් කරගමු.

– ඒ කිව්වේ.

+ ලොකු ලොකු එව්ව කියන්නේ කොල්ලන්ටම ෆිගර් මේන්ටේන් කරගෙන ඉන්න කෙල්ලො ඉන්නවනේ. ඔය අපි ටී.වී එකේ දකින නිළියොත් එයාලගෙ මේන්ටේන් කටයුතු කරගන්නේ රෑට රෑට ලොකු බඩ තඩි වයසක ෂුගර් ඩැඩී බෝයි ෆ්‍රෙන්ඩ්ලගෙ මන‍ෙදාළ පුරවලා.

අපිට එහෙම ලොකු ගණං දෙන්න නෑනේ. අපි යමන් 2,000ට 3,000ට සාමාන්‍ය එකියක් හොයාගෙන.

– ලෙඩ ඇති ඕයි.

+ උන්ගේ ළඟ පාලන ක්‍රම තියෙනවා.

– බයයි බං.

වාහනේ කොළඹ වීදි දිගේ ඉදිරියට ඇදෙන කොට පාරවල් අයිනේ හන්දි ගාණේ කුඩ අතේ තියං බවලත් උදවිය ඉන්නවා. හැබැයි කුඩ අතේ තියන් ඉන්න හැම එකීමත් සල්ලිවලට විකිණෙන එවුනුත් නෙවේ.

වුවමනාව කොච්චර වුණත් හිතට ගැළපෙන එකක් අතේ තියෙන මුදලට තෝර ගන්න එක ඊට වඩා හපන්.

+ දැක්ක ගමන් යං කියන්නත් හොඳ නෑ. ඉන්නෙත් වුවමනාවකින් හින්දා එකපාරට රැවටෙනවා. උන් ඉන්නෙත් මේකප් නාගෙන.

– හ්ම්ම්ම්

+ ඒ අර! අතන නවත්තපං

තරුණියක් පාර අයිනේ සිටියි. වාහනේ ස්ලෝ වෙද්දිම ඇය සැරසෙයි.

+ ගාණ කීයද?

– පැකේජ් තියෙන්නේ.

+ ඒ කිව්වේ.

– වාහනේ නම් නම් 5,000යි. අපි කියන රූම් එකට යනව නම් 8,000යි. ඔයාලගෙ තැනකට එනව නම් 12,000යි.

+ පැයටද?

– ඔව්!

හරි !!! ඔයාලගේ තැනකට යං. මගෙ යාළුවත් ඉන්නවා.

+ එහෙනම් ගාණ ඩබල්.

– හරි යං.

වාහනේ ‍ෙදාර ඩික් ගාලා වැසුණි. තරුණිය කී පාරේ ගොස් ගෙස්ට් එකකින් නැවතිණි.

+ මචං උඹට ඕව පුරුදු නෑනේ!!! උඹ මුලින් පලයං. මේ නංගි මෙයාට උදවු කරන්න. මෙයා මීට කලින් අත්දැකීම් නැති කෙනෙක්.

නුපුරුදු මිතුරා මුලින් කාමරයට ගියේය. ගියේ විනාඩි පහකටත් වඩා අඩු කාලයකි. ‍ෙදාර හයියෙන් ඇරී වැසුණේය.

+ ඒ යමන් යමන්!!! වමනෙට එනවා. යමන්.

– ඇයි යකෝ!! හිටපං මම කතා කරන්න.

+ මේ ඕයි පිස්සුද! යමං යන්න.

පඩිපෙළ බැස ආවාට වඩා වේගයෙන් අදාළ ස්ථානයෙන් පිටත් වුණි. මිතුරා වාහනෙන් එළියට කෙළ ගගහා වාහනය එළවයි. තමන්ටම ශිට් ගගා වේගෙන් එළවයි.

+ මොකද වුණේ බං.

– අඩෝ වමනෙට එනව යකෝ.

+ කියපං මිනිහො මොකද වුණේ.

– ගියානෙ රූම් එකට.

+ ඔව් ඉතින්.

– මම ටවල් එක දාගෙන ආවා.

+ ඒ පාර.

– ඒ ගෑනිත් ආවා.

+ ඔව් හරී.

– මෙව් ගෑනි කියපි.

+ මොකද්ද.

– ශිට්! යකෝ.

+ මොකද්ද කියපං.

– යකෝ ඒකි කිරිදෙන අම්ම කෙනෙක්. 

+ සල්ලි එතකොට.

– ඒකි ගාව!!!

+ දෙන්නගෙම සල්ලි?

– ඔව්.

+ 24,000ක්? යකෝ මාසෙ පඩියක් ඒ!!!

කොළඹ එන්නේ මහා ලොකු තඩි හීන කන්දක් ගොඩ ගහගෙන. එන වුනුත් නැති නාස්ති වෙන කාරණාවක් ඕක. අනේ එයත් අම්මෙක්නේ, නැති බැරිකමටනේ එහෙම වෙලා තියෙන්නේ කිව්වට ගණිකා වෘත්තියට නොයා ළමයි රජවරු කරපු දුක් විඳපු දිරිය ගැහැනු මේ පොළොවෙ ඕන තරම් ඉන්නවා.

අනේ ඔයා ආයි ඇඟ විකුණන්න එපා කියල එක තැන ඉඳන් කරන ඔෆිස් ජොබ් එකක් දුන්නත් උන් උන්ගේ පාර වෙනස් කරන්නේ නෑ.

“ඒ මහත්තයා මොකද්ද බං 500ට නිදාගන්න එනව කියලා 300ක් දීල මාරු වෙන්නේ. ලැජ්ජ නැද්ද බං ඔය ඇඳගෙන ඉන්න කලිසමටත්” කියන සිදුවීම් කොළඹ සුලබයි.

කොළඹ එන හැම එකාම ගණිකාවන් එක්ක නටන්නේ නැහැ. මේ හැම දේකටම තියෙන්නේ හිත. හිතේ පාලනයක් නැති එකාට කොළඹ නැතිව අෑත හොරොව්පතානේ හිටියත් උෟ අනාචාරේ යනවා.

රෑ කොළඹ ගැන කතා කරද්දී කතා කරන්න පුළුවන් පළමුවැනිම මාතෘකාව තමයි මේක. හිතන තරම් ලෝකෙට පෙන්වන තරම් මේ කතාවල ක¾දුළු නැහැ. පෙනෙන තරම් වියළිත් නැහැ.

තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව විතරයි.

ලසා