මහරාජා සමූහයේ හිටපු සභාපතිගේ වර්ෂ පූර්ණය සමරා සර්වාගමික වතාවත් රැසක්

0
24

සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති ආර්. රාජමහේන්ද්‍රන් දිවංගත වී වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (25දා) දිනය පුරාම ඒ මහතාගේ ගුණ අනුස්මරණය කරමින් සර්වාගමික වතාවත් සිදු කෙරිණි. ස්ටයින් මැදිරි සංකීර්ණයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්ද, සංඝගත දක්ෂිණාවක්ද ඊයේ සහ පෙරේදා දෙදින පැවැත්විණි. කිරුළපන ජුම්මා මුස්ලිම් පල්ලියේදී ඉස්ලාම් ආගමික වතාවත් සිදුකළ අතර හින්දු ආගමික වතාවත් සිදු කෙරුණේ යාපනය කීරමලෙයි නගුලේශ්වරන් හින්දු කෝවිලේදීය.

ඊයේ (25දා) සවස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දිවංගත රාජමහේන්ද්‍රන් සිහිපත් කරමින් වර්ෂ පූර්ණ කිතුනු දේව මෙහෙය පැවැතුණේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදීය. ඡායාරූපවලින් දැක්වෙනුයේ එම අවස්ථාවයි.

ඡායා – සරත් කුමාර