බැසිල් හෝ මහින්ද ඡන්දයට බලපෑම් කළේ නෑ

0
18

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්දයේදී  රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ලබා දෙන ලෙසට. තම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට බලපෑම් නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක පැවැසීය.

එම ඡන්දයේදී තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඡන්දය ප්‍රකාශ කළේ හිතට එකඟව මිස කිසිදු බලපෑමක් මත නොවන බවද දිසානායක මන්ත්‍රිවරයා කීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ඉතා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් බවද කෙනකුට  ඕනෑම මතයක් දැරීමට හැකි අන් මත ගරු කරන දේශපාලන පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ පක්ෂය හැඳින්විය හැකි බවද විමලවීර දිසානායක මහතා පැවැසීය. එම ඡන්දයේ සියල්ල සිදුවූයේ නීත්‍යනුකූලව සහ ව්‍යවස්ථානුකූලව බවද කිසිදු මන්ත්‍රිවරයකුට ඔළුවට තුවක්කුවක් තියා මේ අපේක්ෂකයාට ඡන්දය දෙන්නැයි කිසිවකු බලපෑම් නොකළ බවද විමලවීර දිසානායක මන්ත්‍රිවරයා පැවැසීය. ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (25දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය