තෙල් නැතිකමෙන් හෙට්ටිපොළ රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධයක

0
39

හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය ඉන්ධන නොලැබීම හේතුවෙන් ඊයේ (25දා) උදෑසන සිට රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

‘සෞඛ්‍ය සේවකයන් තෙල් පෝලිමේ රෝගීන් අනතුරේ, විස¾දුම් දෙනතුරු අපි වැඩ නැහැ, රෝහල් සේවකයන්ට ඉන්ධන ලබාදෙන ක්‍රමවේදයක් සකසනු, තෙල් පෝලිමට යන්න නිවාඩුත් නෑ, ඉවසුවා ඇති රෝහල එපාද, වැඩට එන්න තෙල් නැහැ’ යනුවෙන් සඳහන් පුවරු රැගත් රෝහල් කාර්යමණ්ඩලය මෙසේ උද්ඝෝෂණයේ යෙදුණහ.

රෝහලේ සේවකයන් අනූවක් පමණ සිටින හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලේ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන සේවකයන් විශාල ප්‍ර‍මාණයක් සිටිති.

හෙට්ටිපොළ නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකට රෝහල් නිල ඇ¾දුමින් ගියද ඔවුන්ට පොලිසියේ සහ හමුදා නිලධාරීන් තෙල් ලබාගැනීමට ඉඩ ලබානොදෙන බව ඔවුහු පැවැසූහ.

ප්‍රදේශයේ බලධාරීන් කිසිවකුත් මෙම ගැටලුව සඳහා මැදිහත් නොවන බවත් ඉන්ධන නොමැතිකම නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් මේ වනවිට රෝහලේ කටයුතු අඩාල වී තිබේ.

පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ප්‍රධානම රෝහල මෙය වන අතර ප්‍රතිකාර කටයුතු සිදුනොවීම හේතුවෙන් දහස් ගණනක් වූ ජනයා ඉමහත් අසීරුතාවකට පත්වී සිටිති.

හෙට්ටිපොළ – සුදර්ශි වික්‍රමනායක