ඩීසල් තොගයක් සමඟ ඇල්ලූ ව්‍යාපාරිකයා නිදහස්

0
10

නීති විරෝධී ලෙස ඩීසල් තොගයක් ළඟ තබාගත් බව කියමින් අත්අඩංගුවට ගත් මාකොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු නි‍ෙදාස් කොට නිදහස් කිරීමට මහර අතිරේක මහෙස්ත්‍රාත් ජනනි පෙරේරා මහත්මිය ඊයේ (25දා) පියවර ගත්තාය.

ඔහු ළඟ තිබී පොලිසිය සිය භාරයට ගත් ඉන්ධන තොගය යළි ඔහුට ලබාදෙන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

ඛනිජ තෙල් පනත අනුව ඉන්ධන ළඟ තබා ගැනීම වරදක් නොවන බවත්, එවැනි සඳහනක් පනතේ කිසිදු තැනක නැති බවත් ඒ නිසා සේවාදායකයාට එරෙහිව නඩු පැවැරීමට පොලිසියට නොහැකි බැවින් ඔහු නි‍ෙදාස් කොට ඔහු සතුව තිබී පොලිස් භාරයට ගත් ඉන්ධන යළි ඔහු වෙත නිදහස් කරන්නැයි ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ගමගේගේ ඉල්ලීම සලකා බැලූ විනුසුරුවරිය එම නියෝගය නිකුත් කළාය.

මෙසේ නි‍ෙදාස් කොට නිදහස් කරන ලද්දේ මාකොළෙ නාලක එන්ටප්‍රයිසස් ආයතනයේ හිමිකරු නාලක හෙට්ටිආරච්චි නමැත්තෙකි.

ඩීසල් ලීටර් 38ක තොගයක් නීති විරෝධී ලෙස ළඟ තබා ගත්තේ යැයි කියමින් සපුගස්කන්ද පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්. ප්‍රමෝද් ඇතුළු නිලධාරීන් විසින් එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.