ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්රීඩා සමාජ ප්රමුඛ පෙළ එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටය නිමාවන විට ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගිය වර ශූර ටැමිල් යූනියන්, යුද හමුදා ක්රිකට් සමාජය, ඒස් කැපිටල් ක්රිකට් සමාජය සහ සී.සී.සී. යන කණ්ඩායම් සමත්වූහ.
මේ අතර බ්ලූම්ෆීල්ඩ් ක්රිකට් සමාජයට එරෙහිව කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමට ටැමිල් යූනියන් ක්රිකට් සමාජ පිලේ වමත් දඟ පන්දු යවන නවෝද් පරණවිතාන සමත්වූ අතර, මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට රාගම පිලේ නිශාන් මධුෂ්කට හැකිවිය.
කෙසේ වෙතත් ‘ඒ’ කාණ්ඩයේ ශූර ටැමිල් යූනියන් ක්රිකට් සමාජ පිල සී.සී.සී. පිල සමඟින් කෝල්ට්ස් පිටියේදී එක් අවසන් පූර්ව තරගයකට මුහුණ දෙන අතර, ‘යුද හමුදා පිල හා ඒස් කැපිටල් පිල ගැටෙන අනෙක් අවසන් පූර්ව තරගය එන්.සී.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව අවසන් පූර්ව තරග 30 වැනිදාත්, අවසන් මහා තරගය අගෝස්තු මස 1 දින පැවැත්වේ.
ටැමිල් යූනියන් _ බ්ලූම්ෆීල්ඩ්
බ්ලූම්ෆීල්ඩ් -74 (නවෝද් පරණවිතාන 8/6), ටැමිල් යූනියන් 79/1
ටැමිල් යූනියන් පිලට කඩුලු 9ක ජයක්.
පොලිස් ක්රී.ස. – කළුතර නාගරික ක්රී.ස.
පොලිස් ක්රී.ස.- 163 (අශේන් බණ්ඩාර 46), කළුතර නාගරික- 149 (මලිත් ද සිල්වා 28/4)
පොලිස් ක්රීඩා සමාජ පිලට ලකුණු 14ක ජයක්.
ගුවන් හමුදා ක්රී.ස. _ පානදුර ක්රී.ස.
පානදුර ක්රී.ස- 139 (දේශාන් ප්රනාන්දු 35/4), ගුවන් හමුදා ක්රී.ස.- 140/6
ගුවන් හමුදා පිලට කඩුලු 4ක ජයක්.
නාවික හමුදා ක්රී.ස. _ කුරුණෑගල තරුණ ක්රී.ස.
කුරුණෑගල තරුණ ක්රී.ස. 218/5 (ගයාන් මනීෂාන් 94), නාවික හමුදා ක්රී.ස.: 221/5 (මධුර මධුසංක නොදැවී 74)
නාවික හමුදා පිලට කඩුලු 5ක ජයක්.
එන්.සී.සී. – ලංකන්ස් ක්රී.ස.
එන්.සී.සී. 243/7 (ළහිරු උදාර 92, මිරංග වික්රමගේ 35/3), ලංකන්ස් ක්රී.ස. – 75 (අශේල් සිගේරා 22/4)
එන්..සී.සී, පිලට ලකුණු 168ක ජයක්.
රාගම ක්රී.ස. _ කැන්ඩි කස්ටම් ක්රී.ස.
රාගම ක්රී.ස. 216 (නිශාන් මධුෂ්ක 108, පසන් පෙතන්ගොඩ 42/3), කැන්ඩි කස්ටම් – 97 (ඩිලොන් පීරිස් 13/5)
රාගම ක්රිකට් පිලට ලකුණු 119ක ජයක්.
කෝල්ට්ස් – බදුරලිය ක්රී.ස.
බදුරලිය ක්රී.ස. 115 (අකිල ධනංජය 27/5), කෝල්ට්ස් 116/2 (ධනංජය ලක්ෂාන් නොදැවී 53)
කෝල්ට්ස් පිලට කඩුලු 8ක ජයක්.
සී.සී.සී. _ ගාලු ක්රී.ස.
ගාලු ක්රී.ස.: 190 (හරීන් බුද්දිල 47, මලින්ද පුෂ්පකුමාර 30/4), සී.සී.සී.: 193/1 (පවන්ති වීරසිංහ 87, නිමේෂ් ගුණසිංහ නොදැවී 80)
සී.සී.සී. පිලට කඩුලු 9ක ජයක්.
බී.ආර්.සී, -නුගේගොඩ ක්රී.ස.
නුගේගොඩ ක්රී.ස.: 151 (නයන ප්රනාන්දු 69, දුවිඳු තිලකරත්න 26/4), බී.ආර්.සී.: 155/1 (ඩිලාන් ජයලත් නොදැවී 85)
බී.ආර්.සී. පිලට කඩුලු 9ක ජයක්.
යුද හමුදා ක්රී.ස._මීගමුව ක්රී.ස.
මීගමුව ක්රී.ස.: 133 (සුමින්ද ලක්ෂාන් 26/4), යුද හමුදාව – 135/5 (සීක්කුගේ ප්රසන්න් 61)
යුද හමුදා පිලට කඩුලු 5ක ජයක්.
ඉෂාන් රශ්මිත