අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගවලදී ජා ඇල ක්‍රිස්තුරාජ, බම්බලපිටිය ශාන්ත පීතර ‘බී’ පිල සහ කොළඹ ආනන්ද ‘බී’ යන කණ්ඩායම් ජය හිමිකර ගැනීමට සමත්වූහ.
මෙම තරගයකදී මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට එරෙහිව ශතක රැස් කිරීමට ජා-ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ අවිෂ්ක නිර්මාල් (162) සහ සමිඳු මදුරංග (100) යන ක්‍රීඩකයින් සමත්වූහ.
ජා ඇල ක්‍රිස්තුරාජ – මිනුවන්ගොඩ නාලන්දා
ක්‍රිස්තුරාජ- 451/5 (අවිෂ්ක නිර්මාල් 162, සමිඳු මදුරංග 100, ශරිත් සුදේශන 75), නාලන්දා- 79 (දිනේන්ද්‍ර රශීන් 21/3, සමිඳු මදුරංග 26/3)
ක්‍රිස්තුරාජ විද්‍යාලයට ලකුණු 372ක ජයක්.
බම්බලපිටිය ශාන්ත පීතර ‘බී’-කොළඹ සහිරා
සහිරා- 191 (මොහොමඩ් සායින් 108, රොෂාන් කරීම් 44, තරින් සෙන්විදු 48/4), ශාන්ත පීතර ‘බී’- 192/1 (සදිෂ ද සිල්වා නොදැවී 79, සවි ප්‍රනාන්දු නොදැවී 73)
ශාන්ත පීතර විද්‍යාල ‘බී’ පිලට කඩුලු 9ක ජයක්.
කොළඹ ආනන්ද ‘බී’-මොරටුව වේල්ස් කුමර ‘බී’
ආනන්ද ‘බී’- 239/7 (සෙවින් බටුගහගේ 56, ඉමේෂ් උඩවත්ත 52, නිලේත් කංකානම්ගේ නොදැවී 47), වේල්ස් කුමර ‘බී’: 156 – (ෂෙනාල් ද සිල්වා 50, උපේක ප්‍රනාන්දු 43, ස්නේහ හෙට්ටිආරච්චි 28/4)
ආනන්ද විද්‍යාල ‘බී’ පිලට ලකුණු 83ක ජයක්.
ඉෂාන් රශ්මිත