කිත්මගෙන් යළිත් තුන් ඉරියව් දස්කම්

0
25

ශ්‍රී  ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගයකදී නැවතත් තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ කිත්ම සිත්මල් සමත්විය.

එහිදී කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව පිත්තෙන් ලකුණු 83ක් හා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 19කට කඩුලු 5ක් දවාලීමට කිත්ම සිත්මල් සමත්වෙද්දී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ වමත් පා දඟ පන්දු යවන ප්‍රශස් පෙරේරා කොළඹ අසෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 2කට කඩුලු 5ක් දවාලීය.

එසේම තවත් තරගයකදී කොළඹ කේරි විද්‍යාලයට එරෙහිව නොදැවී ශතකයක් රැස් කිරීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ වමත් මැද පෙළ පිතිකරු යසස් සඳරුවන්ට හැකිවිය.

මෙම තරගවලදී කොළඹ ආනන්ද, කොළඹ නාලන්දා, කොළඹ ශාන්ත ජෝශප්, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ඩී.එස්. සේනානායක සහ මාරවිල ශාන්ත ෂේවියර් යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය වාර්තා කළහ. 

කොළඹ ආනන්ද – කොළඹ ඉසිපතන

ඉසිපතන පළමු ඉනිම – 114 (සිතුක නිමාෂ් 25, කිත්ම සිත්මල් 19/5, ශාරද ජයරත්න 17/3), ආනන්ද පළමු ඉනිම – 211/7 (කිත්ම සිත්මල් 83, අභිමාන් සංහිඳ 40, ෂෙනාල් ඩිරෝෂ් 67/3)

කළුතර විද්‍යාලය -මොරටු විද්‍යාලය

මොරටුව පළමු ඉනිම – 111 (ඩිනෙල් අප්පුහාමි නොදැවී 34, උතුම් වියඟ 18/5, ලිනාෂ් දෙව්මික 21/4), කළුතර විද්‍යාලය පළමු ඉනිම – 116/8 (යෝෂිත අරුනෝත් නොදැවී 25, සසිඳු පීරිස් 22/3, ශානක ප්‍රනාන්දු 33/3)

කොළඹ නාලන්දා -කොළඹ කේරි

නාලන්දා පළමු ඉනිම – 268/7 (යසස් සඳරුවන් නොදැවී 101, ඔමිත් රත්නායක 66, අමාල් අෆ්දාල් 42/3), කේරි පළමු ඉනිම – 115 (ආර්ෂෙල් වෙල්ගමගේ 28, මෙතුක පෙරේරා 20/3), කේරි දෙවැනි ඉනිම 33/2

කොළඹ ශාන්ත ජෝශප් – කොළඹ අසෝක

අසෝක පළමු ඉනිම – 36 (ප්‍රශස් පෙරේරා 2/5), ශාන්ත ජෝශප් පළමු ඉනිම – 150/3 (අවීෂ ශමාෂ් 65), අසෝක දෙවැනි ඉනිම – 95/7 (ප්‍රශස් පෙරේරා 31/3)

 ගාල්ල මහින්ද_රත්ගම දේවපතිරාජ

මහින්ද පළමු ඉනිම 134 (කවීෂ ගිත්මල් 28, අරෝෂ සිතුමිණ 13/2, ප්‍රදීප් රංගන 15/2), දේවපතිරාජ පළමු ඉනිම 60/0 (පුල්ජිත් වත්සුක නොදැවී 35)

බම්බලපිටිය ශාන්ත පීතර-කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය

ශාන්ත පීතර පළමු ඉනිම – 214/2 (ජොෂෂුවවා සෙබස්තියන් නොදැවී 92, හිරුක බිම්සිළු 62), ආනන්ද ශාස්ත්‍රාලය පළමු ඉනිම – 52 (රැෆායෙල් හෙට්ටිගෛ් 4/3, ජනිත් පණ්ඩිතරත්න 5//3), ආනන්ද ශාස්ත්‍රාලය දෙවැනි ඉනිම – 132/4 (නිතිෂ් කමලසූරිය 60, රැෆායෙල් හෙට්ටිගේ 36//2)

කොළඹ ඩී.එස්. සේනානායක -කොළඹ ඩි ලා සාල්

ඩී.එස්. සේනානායක පළමු ඉනිම – 211/7 (චනුල් අතලේ 52, සෙනිඳු ගම්ලත් 35, නදීර තරංග 30/2), ඩි ලා සාල් පළමු ඉනිම 141/5 (ඊ. සඳරුවන් 31, සනුල මුතුකුමාරණ 26/2), ඩී.එස්. සේනානායක දෙවැනි ඉනිම 23/0

කැළණිය ගුරුකුල _කැළණිය ශ්‍රී ධර්මාලෝක

ගුරුකුල පළමු ඉනිම – 171 (අධීප පින්සර 60, තරුෂ චන්දීප 39/3), ශ්‍රී ධර්මාලෝක පළමු ඉනිම -156/9 (ෂේන් දිනෙත් 40, ජවිඳු මධුසංක 23/2, යුවන් දනුලංග 25/2)

මාරවිල ශාන්ත ෂේවියර් – සඳලංකාව ම.ම.වි

සඳලංකාව ම.ම.වි. පළමු ඉනිම – 128 (තරුෂ දුල්මිණ 41, ෂෙවොන් ප්‍රනාන්දු 17/3, මල්ෂාන් කොස්තා 30/3), ශාන්ත ෂේවියර් පළමු ඉනිම – 131 (ෂෙවොන් ප්‍රනාන්දු 35, ඕෂධ අත්තනායක 21/2, මහීෂ නිල්හාන් 25/2), සඳලංකාව ම.ම.වි. දෙවැනි ඉනිම – 23/3 (දිනුෂ සංචල 8/2)  

ඉෂාන් රශ්මිත