ඉන්දියාව වේලාසනින්ම එක්දින තරගාවලිය ජයගනී

0
9

ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළව පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 2ක තියුණු ජයක් හිමිකරගත් ඉන්දීය පිල තරග 3කින් යුත් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක ජයක් වාර්තා කර ගැනීමට සමත් විය.

එම තරගයේ පළමුව ලකුණු රැස්කළ කොදෙව්වන් පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 6කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 311කි. එහිදී ආරම්භක පිතිකරු ශායි හෝප් ලකුණු 115ක් සහ නායක නිකොලස් පූරන් ලකුණු 74ක් ලබාගත්හ.

පිළිතුරු ඉනිම දියත් කළ ඉන්දියාව පන්දුවාර 49.4කදී කඩුලු 8ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය. කෙසේ වෙතත් පන්දු 35කදී හතරේ පහර 3ක් හා හයේ පහර 5ක්ද සමඟින් නොදැවී ලකුණු 64ක් ලබාගත් අක්ෂාර් පටෙල් අසීරු තත්ත්වයක සිටි ඉන්දීය පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ලකුණු සාරාංශය

බටහිර ඉන්දීය කොදෙව් – 311/6 (50) (ශායි හෝප් 115, නිකොලස් පූරන් 74, ශාදුල් ඨාකූර් 54/3)

ඉන්දියාව – 312/8 (49.4) (අක්ෂාර් පටෙල් නොදැවී 64, ශේ‍රයාස් අයියර් 63, සංජු සැම්සන් 54)