පොල්දූවේ විරෝධතාව අතරතුරදී සොරා ගෙන තිබූ T 56 ගිනි අවිය සොයා ගැනේ

1
347

ජූලි 13 වන දා පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව අතරතුර යුද්ධ හමුදා නිලධාරියෙකුට පහර දී ඔහු සතුව තිබී පැහැර ගෙන තිබිණු T 56 වර්ගයේ ගිනි අවිය සොයා ගත් බව පොලිසිය පවසයි.

දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි රාජගිරිය සමනල පාලම යට තිබියදී එම ගිනි සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ජූලි 23 වන දා නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරීන් විසින් අදාළ ගිනි අවිය සමග හිස් පතරොම් ගැබක් ද සොයා ගනු ලැබ ඇති බව ය.

ඒ අනුව, අදාළ ගිනි අවිය වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දීමට අදාළ නිලධාරීන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

1 COMMENT

  1. mae T-56 niyatha wasayena oya mada wagure thiyena bawa daenagena hewwaanam, ekath ekata oka horakam kara aththe Polisye, STF eke ho army ekema waeda karana marayan kalliyak. Daen penawa neda aanduwe paandu waeda. Munma thamai minissu yawala boru udgoshana karamin, amry eka damanne Aragalayata waeda karana ahinsaka minissunwa maranna. Thopita hena gahana yako.

Comments are closed.