QR ක්‍රමවේදය කල් යයි

5
3613

දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ QR ක්‍රමවේදයට අනුව ඉන්ධන ලබා දීමේ වැඩසටහන අද (ජූලි 25) දිනයේ ක්‍රියාත්මක නොකෙරෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ මෘදුකාංගයේ යම් වෙනස්කම් සිදු කිරීමට ඇති බැවින් එය අද දිනයේදී ද නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ය.

මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට තව ත් දින දෙකක් හෝ තුනක් ගත වනු ඇති බව අමාත්‍යංශය පැවසීය.

“අද අනිවාර්ය නැහැ. ඒක අත්හදා බැලීමේ ක්‍රියාවලියේ ඉන්නේ වැඩේ යනවා අනිවාර්ය නැහැ. දිගට ම අත්හදා බලමින් යනවා.” යනුවෙන් එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මීට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබුණේ, අදාළ වැඩසටහන අද (ජූලි 25) සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව ය.

5 COMMENTS

  1. අද නෑ හෙට කිය කිය පොලිසියට හා ත්‍රිවිල් වලට තෙල් මාෆියාව දිගටම කරගෙන යන්න ඉඩ සලස්සන එක තමයි මේ වෙන්නේ.

  2. පොලිසියේ උන් බයික් වලට තෙල් ගගහ ඇද ඇද රු1500 ලීටරය විකුණනවා කාට කියන්නද මෙ අවනඩුව, මරදාන, මාලිගාවත්ත, පෙටා, පොලිසියේ උන්ගේ අලුත් හම්බකරන රස්සාව, එකෙක් දෙන්නෙක් නෙමෙයි, මුලු පොලිස් ක්වාටර්ස් එකෙ ඉන්න සෙට් එකම කරන්නේ වැඩෙ, ඔය ජරා මිනිස්සු නිසා තමයි අහිංසක මනුස්සයාට තෙල් ටික නැත්තෙ මේවා හොයා බලලා උන්ව හිරේට ගන්ඩ කවුරුත් නෑ

  3. Ceypetco & LIOC ඉන්ධන පිරවුම්හල් වලට පළමුවෙන්ම QR Code එකක් සාදා ඉන්ධන බෙදාහැරීම කළ යුතු අතර පිරවුම් හල් වලින් ඉන්ධන නිකුත් කළ ආකාරය ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය තුළින් දැක ගැනීමට හැකි වන අතර පිරවුම්හල් හිමියන් ඔවුන්ගේ සංචිතය ලීටර් දාහකට පැමිණි අවස්ථාවේදී පමණක් නැවත තෙල් ඇනවුමක් සිදු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

    එමගින් ඉන්ධන ළමනාකරණය ප්‍රායෝගිකව සිදුකර ගැනීමට හැකිවනු ඇත. ඉන්ධන ලබාගැනීමේදී පාරිභෝගියන් හට පෙනෙන පරිදි පිරවුම්හලේ රූපවාහිනී තිරයක් සවිකොට එය මත දැනට පවතින සංචිතය පෙන්නුම් කිරීමට හැකි වන අතර එමගින් පාරිභෝගිකයන් ද අනවශ්‍යය ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් හෝ සේවකයන් අතර ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ නොකරයි. ගැටුම්වලට ප්‍රධාන හේතු වන්නේ ඉන්ධන පිරවුම් හලේ ඇති සංචිතය නිවැරදිව පාරිභෝගිකයන් හට දැනගැනීමට නොහැකිවීමයි.

    රථ වාහන හිමියන්ට වගේම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට QR Code system එක අනිවාර්ය කළ යුතු වේ. රථ වාහන වලට අවශ්‍යය ඉන්ධන කෝටා සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයකින් පසු කොපමණ ප්‍රමාණයක් අදාළ වාහනයට ඉන්ධන කාර්යක්ෂමතාවය මත නිකුත් කිරීමට හැකියාව පිළිබඳ සොයා බැලිය යුතුය.

  4. අංක අනුව ඉන්දන නිකුත් කරනවනම් පිරවුම්හල්වෙත දිගටම ඉන්දන සැපවිය යුතුයි ,නතිනම් QR coad අනුව දෙනව නම් අවසාන අංකය අනුව අවශ්‍ය නැහැ

Comments are closed.