ජෝසෆ් ස්ටාලින්, වසන්ත මුදලිගේ ඇතුළු 6කට විදෙස් ගමන් තහනමක්

3
969

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (ජූලි 25) මෙම නියෝගය නිකුත් කළ බව ය.

ඒ අනුව ජෝසෆ් ස්ටාලින්, ජීවන්ත පීරිස් පියතුමා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර ඇතුළු 6 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ජූලි 9 වන දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා පොදු දේපළවලට හානි කළේ යැයි යන චෝදනාව මත කොටුව පොලිසිය කළ ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර තිබේ.

3 COMMENTS

  1. ජීවන්ත පීරිස් තුමා ජේසු සමිඳුන්ගේග ජීවිතයට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙස කටයුතු කරන නිසා වහාම කතෝලික සභාවෙන් ඉවත් කළයුතුයි.

  2. Excellent disisin by magistrate. Actualy country situation people need pease.but this efiot making so.any problem with trade union and government. Service get to gather and creating so many thing last few .other. . This idiot actualy tigers rent service doing. Acrualy most the problem these days doing by trade union and govt.service. not apoliteacian. Diasporava and ngo money with this idiot making Ll problema.

Comments are closed.