මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් මාත්‍රා තොගවල කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනයේ සැපයුම් අංශයේ නිර්දේශයට අනුව එම තීරණයට එළැඹ ඇතැයි පැවැසේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මඟින් කොළඹ ජාතික රෝහලේ සහ නුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, සියලුම දිස්ත්‍රික් මහ රෝහල්, ශික්ෂණ රෝහල්, ප්‍රාදේශීය රෝහල්, මූලික රෝහල්වල අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන්ට මේ බව දන්වා යවා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා යුනිසෙෆ් සංවිධානයේ නිර්දේශ මත සෙල්සියස් අංශක ඍණ 900 Cත් ඍණ 600 Cත් අතර ගබඩා කොට තිබු විවෘත නොකළ එන්නත් තොගවල කල් ඉකුත් වීමේ කාලය මෙසේ මාස නවයේ සිට මාස ෙදාළහ දක්වා දීර්ඝ කිරීමට තීරණය කොට ඇත. ඉන්දියාවේ පිහිටි ෆයිසර් එන්නත් නියෝජිතායතනයේ නියාමන කටයුතු පිළිබඳ ජේයෂ්ඨ කළමනාකරු, ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව මේ සම්බන්ධයෙන් දැනුවත්කර ඇතැයිද එම ලිපියෙහි දක්වා තිබේ.
ඒ අනුව මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් තොගවල කල් ඉකුත් වීමේ දිනය එළැඹෙන ඔක්තෝබර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කොට ඇති බව පැවැසේ. පසුගිය වකවානුවේ මෙරටට ලැබුණු එන්නත් තොගවලින් 2021-11-08 නිෂ්පාදිත FN 5436 කාණ්ඩය අංකය සහිත එන්නත් තොග, 2021-11-24 නිෂ්පාදිත FN 2898 කාණ්ඩය අංකය සහිත එන්නත් තොග, 2021-11-17 නිෂ්පාදිත FN 9281 කාණ්ඩය අංකය සහිත එන්නත් තොග, 2021-11-17 නිෂ්පාදිත FN 5450 කාණ්ඩය අංකය සහිත එන්නත් තොග මේ වසරේ ජූලි මස 31 වැනිදායින් කල් ඉකුත් වීමට නියමිතව තිබී ඇත.
මේ තීරණයත් සමඟ මේ කාණ්ඩවලට අයත් එන්නත් තොගවල කල් ඉකුත්වීමේ දිනය මාස තුනකින් දීර්ඝ කර තිබේ.
සවනි ශේශාධි