සර්වපාක්ෂික ආණ්ඩුවකට පොහොට්ටුවේ සහාය

0
15

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ඊට සහාය ලබාදෙන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි  නීතිඥ සාගර කාරියවසම් පැවැසීය. පසුගිය කාලය පුරාම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් සමාජ කතිකාවක් නිර්මාණය වූ බවත් මේ වන විට ඒ සඳහා සුදුසු පරිසරයක් සැකසී ඇති බවත් සාගර කාරියවසම් මහතා පැවැසීය.

රටේ අර්බුද විසඳීමට පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂය සහයෝගය ලබාදෙන බවද සාගර කාරියවසම් මහතා කීය.  රටේ අර්බුද විසදීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මෙම සතියේදී  ජනාධිපතිවරයා සමඟ පවත්වන බවද ඊට පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වන බවද සාගර කාරියවසම් මහතා පැවැසීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය