මෛත්‍රි සිටි පැජට් පාරේ නිවෙස රනිල්ට දෙයි

0
39

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහට අයත් කොල්ලුපිටිය පස්වන පටුමඟේ ඔහුගේ පෞද්ගලික නිවෙස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසු ඔහු මේ වනවිට වෙනත් ආරක්‍ෂිත ස්ථානයක රැඳී සිටී.

අධිකරණ නියෝගයක් මත මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ නිවෙසින් හිටපු ජනාධිපතිවරයා ඉවත් කිරීමත් සමඟ එය හිස්ව පැවැතිණි.

කෙසේ වෙතත් ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් හානි කිරීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බැවින් එම ස්ථාන දෙකම තවමත් නිලධාරීන්ගේ නිරීක්‍ෂණයට ලක්වෙමින් පවතී.

මේ අතර අරලියගහ මැඳුරටද පදිංචියට යෑමට හැකි තත්ත්වයක නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර තිබේ.

කීර්ති මෙන්ඩිස්