මෙම වසරේ බන්ධනාගාරගත වූවන් වැඩි වීමක්

0
31

බන්ධනාගාරගත වන පුද්ගල සංඛ්‍යාවේ වැඩි වීමේ ප්‍රවණතාවක් මෙම වසර තුළ දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන මඟින් අනාවරණය වෙයි. සෙසු වසරවලට වඩා එම සංඛ්‍යාව මෙම වසර තුළදී ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද ඒ අනුව මෙම වසරේ ජනවාරි මස සිට ඉකුත් 21දා දක්වා ගෙවී ගිය මාස 7ක කාලය තුළදී පමණක් 20,000කට ආසන්න පිරිසක් එසේ බන්ධනාගාරගතව ඇති බවද එම සංඛ්‍යා ලේඛනවල සඳහන්ය.

රට තුළ පවතින ආර්ථික ඇතුළු අර්බුදකාරී තත්ත්වය සමඟ මංකොල්ලකෑම්, මිනීමැරුම්, කලහකිරීම්, පහරදීම් වැනි සිද්ධීන් ඇති වී තිබීමත් එවැනි විවිධ චෝදනාවන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කිරීමත් නිසා බන්ධනාගාරගත වන්නන්ගේ සංඛ්‍යාව මේ ආකාරයට ඉහළ ගොස් ඇති බවට එම සංඛ්‍යා ලේඛන මඟින් වැඩිදුරටත් අනාවරණය වෙයි.  මෙම වසර තුළදී බන්ධනාගාරගත කෙරුණු එම සැකකරුවන් පිරිස දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම රඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත