බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සේවකයා බෝම්බයක් පිපිරී අසාධ්‍යයි

0
12

කිලිනොච්චිය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත ජාත්‍යන්තර සංවිධානයක සේවකයකු බිම් බෝම්බයක් පිපිරී තුවාල ලබා පෙරේදා (23 දා) යාපනය ශික්ෂණ

රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම සේවකයා දිවා ආහාරය සඳහා සූදානම්ව අත සේදීමට ගිය අවස්ථාවේදී සැක සහිත යමක් දැක එය පරික්‍ෂා කිරීමත් සමඟම එය පුපුරා යෑම නිසා මුහුණ හා ගෙල ප්‍රදේශයටද බරපතළ හානි සිදුව තිබේ.

තුවාල ලබා ඇත්තේ හෙලෝ ට්‍රස්ට් නමැති ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයේ දේශීය සේවකයෙකි.

තුවාල ලැබීමෙන් පසව ඔහුව කිලිනොච්චිය පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ හෙයින් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ