පෙට්රල් ලීටරය 2200ට විකුණ­ූ ත්‍රිරෝද රියැදුරු අල්ලයි

0
14

අවසරයක් නොමැතිව පෙට්රල් ලීටර් 100ක් සන්තකයේ තබාගෙන වැඩි මිලට විකුණ­ බව කියන පුද්ගලයකු පෙට්රල්ද සමඟ මාලබේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෝකන්දර අමරගොඩ පුද්ගලයකු එසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පුද්ගලයා ත්‍රිරෝද රථයක් යොදාගෙන ඉන්ධන රැස් කර විවිධ පුද්ගලයන්ට රුපියල් 2200ක වැඩි මිලට අලෙවි කර ඇති බවද පොලිසිය පැවැසීය.

ඔහු මේ ආකාරයට මාස කිහිපයක සිට මෙම වංචාව සිදු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව එහි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිපුන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පොලිස් බුද්ධි අංශ උපාය දූතයකු යොදවා කළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති අතර සැකකාර පුද්ගලයා ඊයේ (24දා) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කුමුදු උපුල් ශාන්ත