පිත්තල නොබ් 40ක් ඉස්සූ 3ක් අත්අඩංගුවට

0
19

ජනපති මන්දිරයේ සවිකර තිබූ තිර රෙදි සඳහා යොදන ලද පිත්තල නොබ් 40ක් සමඟ පුද්ගලයන් තිදෙනකු අල්ලා ගැනීමට වැලිකඩ පොලිසිය ඊයේ (24දා) සමත් විය.

ඒ පිත්තල නොබ් කිසියම් පුද්ගලයකුට විකිණීමට යමින් සිටියදී බව වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

පසුගියදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට කඩාවැදීමෙන් පසු මොවුන් තිදෙනාද ඊට ඇතුළු වී මෙම පිත්තල ආවරණ ගලවාගෙන පැමිණ ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.

රාජගිරිය සරණ පාරේදී අත්අඩංගුවට ගෙන ඇති මොවුහු බණ්ඩාරනායකපුර පදිංචිකරුවෝ වෙති.

මොවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව පවසන පොලිසිය ඉතා සුළු මුදලකට මෙම ආවරණ විකුණා මත්කුඩු පානය කිරීමට සූදානම්ව ගමන් කරමින් සිටියදී අත්ඩංගුවට ගෙන තිබිණි.

වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චින්තක අනුරාධ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හපුගොඩ ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.

කීර්ති මෙන්ඩිස්