ගිනි ගණන් දීලා කඩෙන් ගන්නෙ නැතිව ගෙදරදිම පිටිකිරි හදමු

0
206

වර්තමානයේ දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හමුවේ මිනිසුන් ඉතා අසීරු තත්ත්වයන් හට මුහුණ දී තිබෙන අතර ඇතැම් භාණ්ඩ මිල දරාගත නොහැකිව එම ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනීම පවා මිනිසුන් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අතර කිරිපිටි ප්‍රධාන තැනක් ගන්නා අතර ලංකාවේ පවතින කිරිපිටි හිඟය නිසාම සහ කිරිපිටි මිල අධික නිසාම දැඩි ලෙස කිරිපිටි පානයට ඇබ්බැහි වුණු පුද්ගලයන් පවා එයින් මිදීමට උත්සාහ කොට ඇත. උදෑසනම අවදි වන විට කිරි වීදුරුවක රස සෙවූ පොඩ්ඩන් දැන් තේ කහට වෙත හුරු වී ඇත. නමුත් ඔබ දන්නවාද පිටරටින් ආනයනය කරන වස විස කිරිපිටිවලට වඩා ගුණදායක ඉතා රසවත් පානයන් අපට නිවෙසේදීම සාදාගත හැකි බව. ඒ පිළිබඳ අද ඩඥප අතිරේකය තුළින් ඔබට ගෙන එන්නෙමු.  Cocount Milk Tea

ඔබට සිතන්නට පුළුවන්ද? කුස්සියේ දිනපතාම තිබෙන මේ දෙයින් මෙච්චර රසට කිරි තේ එකක් හදාගන්න පුළුවන් කියලා. මෙයට අවශ්‍ය වන්නේ පොල්කිරි ටිකක් පමණයි. මෙය ගැස්ට්‍රයිටීස්වලට, රක්තවාතයට, මලබද්ධය, අර්ශස් වැනි රෝගවලට අසීමිත ගුණ දෙන අතර හැකිනම් මේ වෙජිටේරියන් කිරි එක ඔයාලත් හදලා බීලා බලන්න. මෙයට අවශ්‍ය වන්නේ,

  • – පොල් බෑයක්.
  • – සීනි සහ ලුණු කුඩු ස්වල්පයක්.
  • – චොකලට් පවුඩර් හෝ මයිලෝ

  තේ හැන්දක්.

  • – තේ කොළ, කෝපි, වැනිලා

  ස්වල්පයක්.

සාදා ගන්නා ආකාරය

මුලින්ම පොල් බෑය ගා ගන්න. එය දෙපාරක් මිරිකා කිරි ටික ඉවත් කර ගන්න. පසුව මිරිකා ගත් කිරි භාජනයකට දමා එයට ලුණු සහ සීනි අවශ්‍ය ප්‍රමාණයට දමා ළිපේ තබා දුම් දමන ප්‍රමාණයට හැඳි ගාමින් උණු කරන්න. දැන් චොකලට් පවුඩර් හෝ මයිලෝ තේ හැන්දක් දමා හොඳින් කවලම් කරමින් නැවත හැඳි ගාන්න. පසුව ළිපෙන් ඉවත්කර පෙරා පානය කරන්න. චොකලට් පවුඩර් වෙනුවට තේ කොළ, කෝපි, වැනිලා එකතු කර රස කර ගන්නටත් ඔබට පුළුවන්. මෙය ගොඩක් රස ගුණ බීමක්.

Rice milk

කිරිපිටි වෙළෙඳපොළහි නොමැති කාලයක බොහෝ දෙනකුට පහසුවෙන් සාදාගත හැකි කිරිපිටිවලට වඩා ගුණදායක Tea එකක් ඔබට මේ අමුද්‍රව්‍යවලින් නිවෙසේදීම සාදා ගන්නට පුළුවන්. මේ Tea එක කිරිපිටිවලින් සෑදුවා වගේම රසයි වගේම නොදන්නා කෙනකු මෙය පානය කරන විට මේ Tea එක කුමන ද්‍රව්‍යවලින් සාදා ඇතිද යන්න සිතාගත නොහැකි වේවි. මෙයින් ශරීරය සිසිල් කරනවා වගේම ශරීරයේ ප්‍රතිශක්තියත් වැඩි කරනවා සේම මලබද්ධය දුරු කිරීමටත් rice milk උපකාරි වෙනවා. මෙයට අවශ්‍ය වන්නේ,

  • – සහල් මේස හැඳි 2ක්

  (රතු කැකුළු, සුදු කැකුළු හෝ

  තමාගේ කැමැත්ත පරිදි සහල්

  ගන්න)

  • – සුදුලූනු බික් 4ක් පමණ.
  • – පොල්කිරි කෝප්ප 1/3 හෝ

fresh milk.

  • – රට කජු ඇට කිහිපයක්

  (අවශ්‍ය නම්)

සාදා ගන්නා ආකාරය

 මුලින්ම සහල් ටික හොඳින් සෝදා වතුර ස්වල්පයක් දමා තැම්බෙන්නට තබන්න. පසුව එය උතුරන විට එයට සුදුලූනු තළා එකතු කරන්න.

තවත් මඳ වේලාවක් තැම්බුණු පසු එයට පොල්කිරි එකතු කරන්න. නැවත එය සාමාන්‍ය ප්‍රමාණයට උතුරවා ගන්න. එයට ලුණු එකතු කර නිවෙන්නට තබන්න. පසුව රටකජු ටික බැදගෙන එය කුඩුකර ගන්න.

ඔබ මුලින් තම්බාගත් සහල් ටික හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. බ්ලෙන්ඩර් කරගත් පසු එය ඔබට කිරිපිටි පානයක් ලෙස පානය කළ හැකිය. කිරි වීදුරුව අලංකාරවත් කර ගැනීම සඳහා කුඩු කරගත් රටකජු කිරි මතට ඉසින්න.

Green gram milk

මුං ඇට යනු අපගේ සිරුරට ඉතාමත්ම වටිනා ගුණාංග රාශියක් ලබා දෙනු ලබන ධාන්‍ය වර්ගයකි. විශේෂයෙන්ම නිර්මාංසික පුද්ගලයන්ගේ යකඩ අවශ්‍යතාවට, ප්‍රෝටීන් අවශ්‍යතාවට සහ තන්තු, අපට අවශ්‍ය ක්‍ෂුද්‍ර මූල්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට මුංඇට උපකාරී වනු ලැබේ. එමෙන්ම ශරීරය සිසිල් කරනවා සේම ආහාර මාර්ගයේ තිබෙන ‍ෙදාස් නැසීමටද, කොණ්ඩය වැවීමට වගේම සම පැහැපත් කිරීමටද මුංඇට ඉතා ප්‍රයෝජනවත් වේ. මෙම පානය සකසා ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ,

  • – මුං ඇට තේ හැඳි 2ක්

  (වතුරේ දමා පොඟවා ගන්න)

  • – සුදුලූනු බික් 4ක් පමණ.
  • – පොල්කිරි හෝ fresh milk

   අවශ්‍ය ප්‍රමාණයට.

  • – ලුණු ස්වල්පයක්.

සාදා ගන්නා ආකාරය

මුලින්ම මුංඇට පොඟවාගත් වතුරින්ම තම්බා ගන්න. පසුව එය තැම්බෙන විට සුදුලූනු එකතු කරන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගත හැකිය. පසුව එයට පොල්කිරි එකතු කර හොඳින් උතුරවා ගන්න. එයට ලුණු ස්වල්පයක් එකතු කර නිවෙන්නට හරින්න. පසුව එය බ්ලෙන්ඩර් කර කිරිපිටි වෙනුවට උදෑසන පානයට එකතු කර ගන්න. හකුරු සමඟ හෝ සීනි, පැණි සමඟ ඔබට මෙය පානය කළ හැකිය.

Home made Soy
Beans Milk

මෙම සෝයා කිරි පානය ලොහෙසියෙන්ම කුඩා දරුවන්ට ලබාදිය හැකි අතර කුඩා දරුවන් මෙන්ම වයස් භේදයක් නැතිවම මෙම සෝයා කිරි පානයට වයසින් වැඩිමහල් මිනිස්සුද ප්‍රිය කරති. කිරිපිටි හිඟ මෙවැනි කාලයක ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් අමතර ආහාරයක් සමඟ වුවද මෙම සෝයා කිරි පානය ලබාගත හැකිය. සෝයා තුළ විටමින්, ඛනිජ ලවණ තිබෙන නිසා මෙය නිරෝගී සෞඛ්‍යයකටද මනා ලෙස උපකාරි වේ. තවද රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කර රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට ගෙන එයි. එම නිසා හෘදය වස්තුවෙහි සෞඛ්‍යමත් භාවය නිසිලෙස රැකදෙයි. සෝයා පානයෙන් කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් තත්ත්වය සමබර කරන අතර නිර්මාංසික අයට ප්‍රෝටීන් වෙනුවට මෙම සෝයා පානය භාවිත කළ හැකිය. මෙයට අවශ්‍ය ද්‍රව්‍ය ලෙස,

  • – පොඟවා ගත් සෝයා

  ඇට කෝප්පයක්.

  • – සීනි ස්වල්පයක්.
  • – චොක්ලට් පවුඩර් ස්වල්පයක්.

 දලුණු ස්වල්පයක්.

සාදා ගන්නා ආකාරය

මුලින්ම පොඟවා ගත් සෝයා ඇටවල තිබෙන වතුර ඉවත් කර එහි පොතු ඉවත්කර ගන්න. පොතු හොඳින් ඉවත් කර ගත් පසු බ්ලෙන්ඩර් කරන්න. පසුව සෝයා කිරි ටික වෙන්කර ගැනීමට බ්ලෙන්ඩර් කරගත් සෝයා මිශ්‍රණය පෙරා ගන්න. (මෙයට පිරිසුදු රෙදි කැබැල්ලක් හෝ කුඩා දැල් සහිත පෙනේරයක් භාවිත කළ හැකියි.) පසුව පෙරා ඉතිරි සෝයා පිටි නැවත බ්ලෙන්ඩර් කර නැවත පෙරා සෝයා කිරි ඉවත් කර ගන්න.

සෝයා කිරි ටිකට වතුර අඬුකෝප්ප එකක් එකතු කර හොඳින් විනාඩි 15ක් පමණ අඩු ගින්දරේ තබා රත්කර ගන්න. කිරි එක රත්වන විට කිරි එක මතුපිට පෙණ මතු වේ. එම පෙණ හැන්දෙන් ඉවත් කර ගන්න. පසුව සීනි සහ ලුණු එකතු කර හොඳින් දියකර ගන්න. අවශ්‍ය නම් පමණක් චොකලට් පවුඩර් ස්වල්පයක් එකතු කර ගන්න. කැමැත්ත පරිදි වැනිලා වුවද එකතු කර ගත හැකිය. පසුව ශීතකරණයේ තබා මෙය ඕනෑම මොහොතක භාවිතයට ගත හැකි අතර ඔබගේ පසුම්බියට ගැළපෙන, තාලයට ගැළපෙන සුදුසු පානයක් ලෙස සෝයා කිරි පානය හඳුන්වා දිය හැකිය.

සචිනි බස්නායක

කුසලා ජයමාන්න

Kusala’s Simple
Life Youtube
Channel