කවදාහරි ජාත්‍යන්තර කරාතේ විනිශ්චයකාරියක් වෙනවා

0
134

ජීවිත්වීමත් සටනක් වැනිය. එබැවින් ජීවිතයට දිනෙන් දින අභියෝග පැමිණේ. එම අභියෝගවලට නොසැලී මුහුණ දෙන්නට නම් හොඳ ආත්ම ශක්තියක් වගේම ආත්ම විශ්වාසයක් තිබිය යුතුමයි. එවන් ආත්ම ශක්තියක් ගොඩනඟා ගැනීමට ක්‍රීඩාව මහත් වූ සවියක් ලබා දේ. ඒ අතරින් කරාතේ ක්‍රීඩාව ආත්ම ආරක්ෂක සටන් ක්‍රීඩාවක් වේ.

මෙම ක්‍රීඩාවට ගැහැනු දරුවන් යොමු වීමම සුවිශේෂී කරුණක් වේ. දරා ගැනීමේ ශක්තියක් මෙන්ම හොඳ පෞරුෂය වර්ධනයක් ඇති කරන මෙම කරාතේ ක්‍රීඩාවට කුඩා කාලයේ සිටම යොමුව ඉන් ජයග්‍රහණ ලබා මේ වන විට වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩය යටතේ ක්‍රීඩාවේ නිරත වන ඇය “දිල්මිණි අමායා විතාරණ”ය. අපත් සමඟ ඇයගේ තොරතුරු බෙදා ගන්නට මෙලෙස එක් විය.

–             මේ දිනවල කෙසේද ඔබේ වැඩකටයුතු සිදු වෙන්නේ?

මම 2021 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. මේ දිනවල මම A/L Classවලට සහභාගි වෙනවා. ඊට අමතරව පුහුණුවීම් කටයුතුවලත් නිරත වෙනවා.

–              කරාතේ ක්‍රීඩාවට යොමු වන්න ඔබට  පසුබිම සැකසුණේ කෙසේද?

මම පොඩි කාලේ ඉඳන්ම කරාතේ ක්‍රීඩාව කරනවා. ළඟ ගෙදරක අක්කා කෙනෙක් කරාතේ ක්‍රීඩාව කරනවා දැකලා මටත් ආස සිතුණා කරාතේ ක්‍රීඩාවට යොමු වෙන්න. එහෙම තමයි මට කරාතේ ක්‍රීඩාවට යොමු වෙන්න පසුබිම සැකසුණේ.

–              කරාතේ ක්‍රීඩාවට අමතරව ඔබ කරන වෙනත් ක්‍රීඩාවන් පිළිබඳවත් සඳහන් කළොත්?

මම කරාතේ ක්‍රීඩාව විතරයි කරන්නේ. දැනට වෙනත් ක්‍රීඩාවක් කරන්නේ නැහැ.

–              ඔබ යොවුන් ක්‍රීඩිකාවක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ලැබෙන සහාය කෙබඳුද?

මට ඔවුන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා මගේ වැරදි නිවැරදි කර ගෙන කරාතේ ක්‍රීඩාව තවත් හොඳින් සංවර්ධනය කර ගනිමින් ඉදිරියට යන්න සහයෝගය ලැබෙනවා.

–              ඔබගේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳවත් සඳහන් කළොත්?

මම ගොඩක් මහන්සි වෙලා පුහුණු වීම් කටයුතුවල නිරත වෙනවා. ව්‍යායාම් කටයුතුත් හොඳින් කරගෙන යනවා. පුහුණුකරුවන් දැනුම් දුන් විට ඒ අදාළ දවසට  සවස 6.00 සිට 8.00 තෙක් පුහුණුවීම් කටයුතු කරනවා. ඒ නිසා සතියකට දවසක් වගේ වෙලාව වෙන් කරලා පුහුණුවීම් කටයුතු සිදු කරනවා. ෂිතෝරියෝ ෂුකෝකායි කරාතේ සංගමය තමයි මම නියෝජනය කරන්නේ.

–              ඔබ කරාතේ ක්‍රීඩාවෙන් ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව සඳහන් කළොත්?

මම කරාතේ ක්‍රීඩාවෙන් මේ වන විට  ජාතික  සහ ජාත්‍යන්තර  ජයග්‍රහණ ලබා තිබෙනවා. ඒ අතරින් කරාතේ ක්‍රීඩාවෙන් ලබාගත් ජාතික ජයග්‍රහණ ගැන කියනවා නම්

ශ්‍රී  ලංකා කරාතේ ‍ෙදා සම්මේලනය බස්නාහිර පළාත 2021 – 3rd kata

*2nd team kata

*National karate virtual kata championship 2021-3rd team kata

* ශ්‍රී  ලංකා ජාතික කරාතේ ශූරතාවලිය black belt 2021 – 3rd kumite

* බස්නාහිර පළාත් කරාතේ ශූරතාවලිය  2019* 2nd kata

*3rd kumite

*15th shokokai වාර්ෂික කරාතේ ශූරතාවලිය 2019 – 3rd kata

* 2nd team kata

*බස්නාහිර පළාතේ පාසල් තරග 2019 – 3rd team kumite

* ගම්පහ දිස්ත්‍රික් කරාතේ ශූරතාවලිය  2019 – 3rd kata

*3rd kumite

*ශ්‍රී  ලංකා කනිෂ්ඨ පාසල් කරාතේ ශූරතාවලිය 2018 -2nd kata

*විවෘත කරාතේ දෝ ශූරතාවලිය 2018 -1st team kata

*බස්නාහිර පළාත් කරාතේ ශූරතාවලිය  2018 – 1st team kata

*ගම්පහ දිස්ත්‍රික් කරාතේ ශූරතාවලිය  2018 – 2nd kumite

* ශ්‍රී  ලංකා ජාතික කරාතේ ශූරතාවලිය 2017 – 1st kata

*Shitoryu shokokai karate do association 2017 – – 1st kata

*1st team kata

* ගම්පහ දිස්ත්‍රික් කරාතේ ශූරතාවලිය 2017 – 1st kumite

*1st kata

*බස්නාහිර පළාත් කරාතේ ශූරතාවලිය  2017 – 1st kata

  *1st open team kata

*2nd kumite

* ශ්‍රී  ලංකා ජාතික කරාතේ ශූරතාවලිය 2017 – 2nd kumite

* පාසල් කරාතේ ‍ෙදා සංගමය 2016 – 2nd kata

* බස්නාහිර පළාත් කරාතේ ‍ෙදා sub – Junior under 13yrs2016* 1st kata

1st kumite

* ගම්පහ දිස්ත්‍රික් කරාතේ ‍ෙදා ශූරතාවලිය  2016 – 1st kata

*ශ්‍රී  ලංකා කරාතේ ශූරතාවලිය 2016 – 1st kata

ලෙසත්, කරාතේ ක්‍රීඩාවෙන් ලබා ගත් ජාත්‍යන්තර ජයග්‍රහණය ගැන මතක් කළොත්

  • *International Virtual kumite karate championship 2021

*1st kumite

* 2nd kata

* 1st team kata

* Virtual karate championship 2021

*1st kata -1st kumite

 * International Vanquish 2021 – 2nd kata

* 3rd kAJ International karate championship -1st kumite -1st kata

*First willys e kata International championship 2020 -2nd kata

* ඉන්දියා ශ්‍රී  ලංකා මිත්‍රත්ව karatedo championship 2019*3rd kata

*ජාත්‍යන්තර SKA Karate

championship 2019 -1st kata

* 1st kumite

* Mayors cup championship 2019

* 1st team kata -1st team kumite -3rd kumite

*willys cup 2020

*1st kumite – 1st kata – grand champion

*Japan karate do Inchiyukai2017

* 3rd kata

*ජාත්‍යන්තර SKA Karate championship 2017

*3rd kumite – 2nd kata

* 1st south Asian school games 2016

*2nd kata -1st kumite

*ජාත්‍යන්තර SKA karate championship 2016

* 1st kata

* 1st golden we frinenship international junior kata championship 2016

*1st kata ලෙසත් ජයග්‍රහණ රැසක්  මම මේ වන විට ලබා තිබෙනවා.

–              ඔබ ලබා ඇති  ක්‍රීඩා  ජයග්‍රහණ පිටුපස ඔබත් සමඟ සිටි පිරිස ගැනත් මතක් කළොත්?

කරාතේ ක්‍රීඩාවෙන් මම මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ සඳහා මගේ අම්මා තාත්තා පවුලේ සියලු දෙනා වගේම මගේ ක්‍රීඩා කටයුතු භාර ගුරුතුමා ලක්ෂ්මන් සපරමාදු සර් නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්නා. ඒ වගේම මගේ පාසලේ විදුහල්පතිතුමියගෙන් සහ කරාතේ සංගමයේ ගුරුවරුන්ගෙන්ද නොඅඩුවම සහයෝගය ලැබුණා.

–              ක්‍රීඩිකාවක් ලෙස හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම අනිවාර්යයි. ඔබේ නිරෝගීතාවට ඔබ කරන දේවල් මොනවාද?

මම බොහෝ විට තරගයක් ළංවන විට ඒ අදාළ පෝෂණයට අවශ්‍ය ආහාර විශේෂයෙන් ලබා ගන්නවා. ඒ වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරනවා. විශේෂයෙන් හොඳින් ව්‍යායාම කටයුතුවලත් නිරත වෙනවා.

–              ක්‍රීඩිකාවක් ලෙස කරාතේ ක්‍රීඩාව පිළිබඳව ඔබ තුළ ඇති දැක්ම කුමක්ද?

කරාතේ ක්‍රීඩාව බොහෝදෙනා කරන ක්‍රීඩාවක්. එහි විශේෂත්වය තමයි ආත්ම ආරක්ෂක ක්‍රීඩාවක්. අනෙක් ආත්ම ආරක්ෂක ක්‍රීඩා සමඟ සසඳන විට කරාතේ ක්‍රීඩාවෙන් වන හානිය අවමයි.

–              ක්‍රීඩා කරනවා කියන්නෙම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දීමට සිදු  වෙනවා. ඔබටත් ක්‍රීඩා කරද්දී මුහුණ දුන් අභියෝග ඇති. ඒවා ගැනත් මතක් කළොත්?

අධ්‍යාපන කටයුතු සමඟ ක්‍රීඩා කටයුතු කරගෙන යෑම තමයි මම මුහුණ දෙන ලොකුම අභියෝගය. ඒ වගේම මම සහභාගී වන ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය ලබා ගැනීමත් අභියෝගයක් වෙනවා.

                ක්‍රීඩා කරන ඕනෑම කෙනකුට මානසික ඒකාග්‍රතාව ඉතා වැදගත්. ඔබ යහපත් මානසික සුවයක් පවත්වා ගැනීමට සිදු කරන දේවල් මොනවාද?

කරාතේ ක්‍රීඩාවටම විශේෂිත වූ භාවනා  ක්‍රමයන් තිබෙනවා. මම ඒ අදාළ භාවනා අභ්‍යාසවල නිරන්තරයෙන්ම නිරත වෙනවා. ඒ නිසාම ඉන් යහපත් මානසික සුවයක් ලබාගන්න හැකි වෙනවා. තරගවලට සහභාගී වීමේදී ඒ තරගය ගැනත් මානසික පීඩනයකින් තොරව විශ්වාසය ගොඩනැඟෙනවා.

–              ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින කෙනකුට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

ක්‍රීඩාවක් කරන එක ගොඩක් හොඳයි. කරාතේ ක්‍රීඩාවෙන් පුද්ගලයෙක් තුළ හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනඟනවා වගේම පුද්ගල පෞරුෂ වර්ධනයටත් බෙහෙවින් උපකාරී වෙනවා. ඕනෑම කාර්යයක් උද්යෝගීමත්ව කරගෙන යන්න උදවු වන හොඳ ක්‍රීඩාවක්. ක්‍රීඩාව වගේම අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන යනවා නම් ක්ෂේත්‍රය තුළ දිගු කාලයක් රැඳෙන්න පුළුවන්.

–              ඔබ අධ්‍යාපන කටයුතු හා ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යන්නේ කෙසේද?

මම හොඳ කාල කළමනාකරණයකින් යුතුව අධ්‍යාපන කටයුතුත් ක්‍රීඩා කටයුතුත් සමබරව කරගෙන යනවා.

–              ඔබේ පෞද්ගලික තොරතුරු සහ  අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?

මගේ පවුලේ මමයි, අම්මයි, තාත්තායි, අක්කයි. අක්කා විවාහකයි. පාසල කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය. පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමිය නිශාන්ති ගමගේ විදුහල්පතිතුමියත් මගේ ක්‍රීඩා කටයුතුවලට නොඅඩුවම සහයෝගය ලබා දුන්නා. පාසලේ දැන් සිටින විදුහල්පතිතුමිය සුභාෂිණි දෙමටගොඩ විදුහල්පතිතුමියත් මාගේ ක්‍රීඩා කටයුතුවලට නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙනවා. මගේ පුහුණුවීම් කටයුතු කරන පාසලේ පුහුණුකරුවන් වසන්ත සෙනවිරත්න සර් සහ කුමුදු ප්‍රියන්කා මිස්. පාසලේ ක්‍රීඩා භාර ගුරුතුමිය රසිකා මිස්. මගේ ගම ගම්පහ. මම 2022 වර්ෂයේ සිට ජාතික කරාතේ ක්‍රීඩා සංචිතයේ සාමාජිකාවක් ලෙස සිටිනවා. ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. කරාතේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර විනිශ්චයවරියක් වන්නත්, අධ්‍යාපනය පැත්තෙන් අ.පො.ස. උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හදාරා ඒ අංශයෙන්ම ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා.

ටී. නිපුනි සමෝද්‍යා වත්තේගම

Pix By: Senarath Photograph