ඇසළ පෙරහරට ඉඩදී මහනුවර ගෝඨාගෝගම ඉවත් කර ගනී

0
115

මහනුවර ඇසළ පෙරහර ආරම්භ වීමට නියමිත බැවින් මහනුවර ගෝඨාගෝගම ඉවත් කර ගන්නා ලෙස පොලිසිය කළ දැනුම් දීමට අනුව එහි සිටි පිරිස පෙරේදා (23දා) පෙරවරුවේ ස්වේච්ඡාවෙන්ම අට්ටාල සියල්ල ගලවා එම ස්ථානයෙන් ඉවත් විය.

දින 100කට ආසන්න කාලයක් මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය අසබඩ අනුරුද්ධ රත්වත්තේ පිළිරුව අසල මහනුවර ගෝඨාගෝගම ක්‍රියාත්මක විය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනපති ධුරයෙන් ඉවත්වූ පසු තාවකාලිකව අදාළ ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර සිටි බවත් එම අවස්ථාවේ මහනුවර ඇසළ පෙරහර පැවැත්වීමට නියමිත බව පොලිසිය දැනුම් දුන් බවත් මහනුවර ගෝඨාගෝගම ක්‍රියාකාරිකයකු වූ දිමුතු අබේකෝන් මහතා කීය.

ඒ අනුව සියලු දෙනා සාකච්ඡා කිරීමෙන් පසු 23 දින අදාළ ස්ථානයෙන් ඉවත් වූ බවත් ජනතා විරෝධී පාලනයක් ගෙන යන ඕනෑම අවස්ථාවක යළි ජනතාව පෙරට පැමිණෙන බව පාලකයන් තේරුම්ගත යුතු බවත් ඒ මහතා පැවැසුවේය.

මහනුවර – කේ. එල්. සුරවීර