අනවසරයෙන් ලොරියකින් රැගෙන ගිය ඉන්ධන තොගයක් එස්ටීඑෆ් භාරයට

0
12

අන්තරාදායක ලෙස ඩීසල් හා පෙට්රල් රැගෙන යමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකා සියඹලාණ්ඩුවේ නිලධාරීන් අම්පාර කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව අණ දෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සියඹලාණ්ඩුව කඳවුරේ අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක එස්.කේ. කන්නන්ගර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (23දා) බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 420ක් අඩංගු ප්ලාස්ටික් ටැංකියක්, පෙට්රල් ලීටර් 120ක් අඩංගු ගැලුම් 06ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අවුරුදු 56ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.