අංකය අනුව අද තෙල් ගහන්න බෑ කිව්වාම පොලිස් නිලධාරියා ටිපරයට යට කරන්න හදලා

0
30

ඇල්ල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් තුළදී ඉන්ධන ලබාගැනීමට යෑමේදී ඇති වූ සිද්ධියක් මත පොලිස් නිලධාරියකුගේ ශරීරයේ ටිපර් රථයක් ගැටීමට සැලැස්වූ ඇල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

රජය විසින් හඳුන්වා දී ඇති වාහනයේ අවසාන අංකයට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළට අනුව මෙම නිලධාරියා ඉන්ධන ලබාදීමට කටයුතු කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි ටිපර් රියැදුරකු හට එම රථයේ ලියාපදිංචි අංකය අනුව එදින ඉන්ධන ලබාගැනීමට නොහැකි බව පැවැසීමෙන් අනතුරුව එම නිලධාරියා හට මෙම සිදුවීමට මුහුණ පෑමට සිදුව ඇත.

එහිදී තුවාල ලද පොලිස් නිලධාරිවරයා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියැදුරු වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඔහු බීමත්ව සිටි බව තහවුරු වී ඇතැයිද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්ල පොලිසිය වැඩිදුරටත් විමර්ශන කරයි.

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන