පාසල් යළිත් හෙට සිට ඇරඹේ

0
500

රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා නිවාඩු ලබා දී තිබූ පාසල් පාසල් හෙට (ජුලි 25) දිනයේදී සිට නැවත ආරම්භ කිරීමට නියමිත ය.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, එලෙස පාසල් ආරම්භ කර පවත්වා ගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු ම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති බව ය.

ඒ අනුව, නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙන අතර බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දීමට නියමිත ය.

නැතහොත් බදාදා සහ සිකුරාදා මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා ඊයේ (ජූලි 23) ප.ව. 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නේ ය.