විරෝධතා ගැන ස්ථාවරය ජනපති රනිල් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට පැහැදිලි කරයි

1
238

සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි ත් තහවුරු කර තිබේ.

පසුගිය සිකුරාදා (ජූලි 27) නීතිවිරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් කැඳවා තිබූ අතර එහිදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවේ ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කර ඇත.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 21 වන වගන්තිය සහ සාමකාමීව රැස්වීමේ අයිතිවාසිකම් පාලනය කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ආ) වගන්තිය යන දෙක ම රජය තහවුරු කරන බව වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එමෙන් ම, රජයේ ගොඩනැගිලි අවහිර කිරීමට සහ දේපළ වෙනත් අරමුණු සඳහා භාවිත කිරීමට විරෝධතාකරුවන්ට අවසර ලබා නොදෙන බව අමෙරිකානු සිවිල් නිදහස සංගමය ලබා දුන් උපදෙස්වල සඳහන් බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේ ය.

දේපළවලට හෝ ජීවිතවලට හානියක් නොවන පරිදි නගරය තුළ අවිහිංසාවාදී විරෝධතාවලට ඉඩ සැලසීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කර ඇත.

විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨය, නව නගර ශාලාව, හයිඩ් පාර්ක් සහ කැම්බල් පිටිය වැනි කොළඹ ඇතුළත පහසුකම් සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා සඳහා ලබා දුන් බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

GotaGoGama විරෝධතා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට පිළිතුරු දෙමින්, වැරදි සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව එය ආරක්ෂක අංශ විසින් ඉවත් කරනු ලැබ නොමැති බව පැහැදිලි එහිදී ඔහු පැහදිලි කර ඇත.

තව ද, පොලිසිය අත්අඩංගුවට ගන්නා ලද සියලු දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළුව අනුගමනය කරන නීතිමය මාර්ග පිළිබඳව ද නීතිපතිවරයා විසින් සහභාගිවන්නන් දැනුවත් කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරට ත් පැවසීය.

1 COMMENT

Comments are closed.