අද (ජූලි 24) දිනයේදී පැය 3ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, A සිට L කලාපවලට අයත් ප්රදේශවලට සහ P සිට W කලාපවලට අයත් ප්රදේශවලට විදුලි කප්පාදුව සිදු කරන බව ය.
ඒ අනුව, එම කලාපවලට අයත් ප්රදේශවලට පෙරවරු කාලයේදී පැය 1යි විනාඩි 40ක් සහ රාත්රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.