ඉන්දියාවෙන් සිව්වන monkeypox රෝගියා හඳුනා ගැනේ

0
1138

ඉන්දියාවේ නව දිල්ලි නගරයෙන් monkeypox රෝගය වැළඳුණු වූ පුද්ගලයෙකු හඳුනා ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම රෝගියා දිල්ලියෙන් වාර්තා වූ පළමු ආසාදිතයා වන අතර ඉන්දියාවෙන් වාර්තා වූ සිව් වන monkeypox රෝගියා බව ය.

වයස අවරුදු 34 වන ඔහු විදෙස් රටක සංචාරය කළ පුද්ගලයෙකු නොවන බව එරට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරනු ලැබ ඇත.

ඔහු බටහිර දිල්ලියේ පදිංචිකරුවෙකි.

මීට දින තුනකට පෙර රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කර ඇති අතර, ඔහුගෙන් ලබාගත් ජෛව සාම්පල ඊයේ (ජූලි 23) ජාතික වෛරස් විද්‍යා ආයතනයට යවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවල වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, සෑම සතියක ම සැක සහිත සාම්පල දෙක තුනක් පැමිණෙන නමුත් මේ දිනවල සංඛ්‍යාව දිනකට 2-3 දක්වා ඉහළ ගොස් ඇති බව ය.