සඳුදා සිට පාසල් ඇරඹෙයි: අධ්‍යයන කටයුතු සිදු වන්නේ මෙහෙමයි

5
2359

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් 2022 ජූලි 25 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව පැවසීය.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වෙන අතර බදාදා සහ සිකුරාදා දිනවලදී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දීමට නියමිත ය.

නැතහොත් බදාදා සහ සිකුරාදා මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු ම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය මෙම උපදෙස් ලබා දී ඇති බව නැවත අවධාරණය කර තිබේ.

5 COMMENTS

  1. ගුරුවරුන්ට පාසැල් වලට එන්නට පෙට්‍රල් දෙනවද? මොකද හැම ගුරුවයෙක් ම කුරුදුවත්තේ ඉදලා රෝයල් එකට යන අය නෙවෙයිනේ.

Comments are closed.