රාජපක්ෂ සෙවණැල්ලක් ගැන සජිත් කියයි

5
1574

“රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව” විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රචණ්ඩ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

නව ජනාධිපතිවරයා දිවුරුම් දී දිනයක් යන්නට මත්තෙන් මෙම ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ ඔහුගේ ඉදිරි පාලන තන්ත්‍රයේ ස්වභාවය යැයි විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙය රාජපක්ෂ වියරුවටත් වඩා උග්‍ර වියරුවක් බව ද එහි පෙන්වා දී තිබේ.

රාජපක්ෂලාගේ පොහොට්ටු ආණ්ඩුවට සුපුරුදු ම්ලේච්ඡත්වය සහ නිල ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් එදින අලුයම් කාලයේදී සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බියගුලු ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කොට ඇතැයි ද, එය වාර්තා කිරීමට පැමිණි දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන් රැසකට ද, ආබාධිත රණවිරුවන්ට ද එම අමානුෂික ප්‍රහාරයට මුහුණ දීමට සිදු වී ඇති අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ම්ලේච්ඡ පන්නයේ නිල ප්‍රචණ්ඩත්වයක් බව ද සඳහන් කොට ඇත.

“දිවුරුම් දී පැය 24ක් යන්නට මත්තෙන් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති අතර එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරනුයේ ඔහුගේ ඉදිරි පාලන තන්ත්‍රයේ ස්වභාවය නම් ඔහුට සිහිපත් කොට දිය යුත්තේ බලගතු ආණ්ඩු ද ජන බලයෙන් ගෙදර යවා ඇති බව ය.

අරගලකරුවන් අත්පත් කරගෙන තිබූ සියලු ස්ථාන ආපසු ලබා දෙමින් සිටියදීත්, ඒ අතරතුර අළුයම් කාලයේ ආරක්ෂක අංශ විසින් “ඉහළ අණ අනුව” මේ බියගුලු ප්‍රහාරය එල්ල කොට ඇත.

තමන්ට සිතැති රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම පිළිබඳව හටගත් වියරුවකින් අදාළ පහර දීමට අණ දුන්නාද යන්න අප නොදන්නා නමුත් එය එසේ නොවේ යැයි සිතන්නට කිසිදු හේතුවක් නැත.

රටේ ජනතාවට අරගල කිරීමේත් විරෝධතා දැක්වීමේත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අපි හැම විට ම ගරු කරමු. රාජ්‍ය දේපළ සහ පොදු දේපළවලට හානි නොකර, ප්‍රචණ්ඩත්වය වෙනුවට ශිෂ්ටත්වය තුළ කරන අරගල වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී සිටිමු.

එක් අතකින් වර්තමාන ජනාධිපතිවරයාට බලයට පත් වන්නට මාවත සැකසෙන්නේ ගෝල්ෆේස් ඇතුළු මේ රටේ ජනතාව කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ය. අදාළ අරගලය ඔහුට ජනාධිපති වීමට කිසිසේත් ම අනුබල දෙන්නක් නොවුවත් ඒ හරහා ඔහු බලය ලබා ගත්තේ ය. ඇතැම්විට රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අදාළ ජන අරගලය හේතු වීම පිළිබඳව ඔහු තුළ කෝපයක් ඇතිවූවා විය හැක. රටක් ලෙස ශිෂ්ට සම්පන්නව නැගී සිටීමට තිබූ සෑම අවස්ථාවක් ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විනාශ කර දැමූ අතර වෙනසකට ඇත්තේ, එය රාජපක්ෂ වියරුවටත් වඩා උග්‍ර වියරුවක් බවට පත්ව තිබීම ය.

මේ රට වැටී ඇති බරපතළ අගාධයේ තරම තේරුම් ගන්නවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය පමණක් අරමුණු කොටගෙන කටයුතු කරන මේ “රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව” මාධ්‍යවේදීන් සතු නිදහස ද අතිශයින් ම අමානුෂික ලෙස උල්ලංඝණය කොට ඇත. එසේ නම් නිරායුධ ජනතාවට, ආබාධිත සෙබළුන්ට, සිවිල් පුරවැසියන්ට සිය අවි බලය යොදාගෙන පහර දීමට කටයුතු කළ නිල හා නොනිල සියලු දෙනාට එරෙහිව පරීක්ෂණ සිදුවිය යුතු අතර මේ මිලේච්ඡ ප්‍රහාරයට අණ දුන් සියලු දෙනා පිළිබඳව වහා ම පරීක්ෂණ පැවත්විය යුතුය.

මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව අප දැඩි කම්පනයට පත්වන අතර, එම ප්‍රහාරයට ම උරුම පිළිකුලෙන් යුතුව අපි එය හෙළා දකිමු. අපේ රට ගෝත්‍රික තැනකට තල්ලු කිරීමට “උත්සහ කරන රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුවට එරෙහිව” මුළු රට ම නැගී සිටින දිනය වැඩි අෑතක නොවන බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

5 COMMENTS

  1. හැමදාම අර අනුර වගේ කියව කියවා ඉන්න. අගමැති කම දුන්න වෙලාවේ ගත්ත නම් ඉවරයි. ඔය ඔක්කොම එකයි

  2. තමන්ගෙ තාත්තා මෘගයෙක් වගේ අණ දුන්නෙ එකල අරගල කරුවන්, ජව්පෙ ක්‍රියාකාරීන් පැහැර ගනිමින්, වධබන්ධනයට ලක්කරන්න වගේම තිරිසන් විධිහට මහපාරවල්වල මරලා දාන්න.
    මෙයාට තියෙන්නෙ අරගලය හරහා අඩුම ගානෙ අගමැති පුටුවවත් ලභාගන්න බැරිවෙච්ච ශෝකයයි වෛරයයි.

  3. 88- 89 දී මුගේ තාත්තා සටන්කාමීන් මර්දනය කරපු හැටි මූට මතක නෑ. මේ කාලකන්නියා දැන් කොටි ඩයස්පෝරාවට කඩේ යමින් සිංහල ජනතාවට වල කපන කොන්ත්‍රාත් එක අරන් තියෙන්නෙ. අර රාජිතයා කිව්වා වගේ මූට පරිණත වෙන්න තව සෑහෙන කාලයක් යයි. එතකොට රට දෙමළ ඩයස්පෝරාව අල්ලගෙන තියේවි.

Comments are closed.