2022/23 එළැඹෙන මහ කන්නයෙන් පසු රජයේ මැදිහත් වීමෙන් පොහොර ගෙන්වීම නවතා පෞද්ගලික අංශයට අවසර දීම කෙරෙහි අවධානය යොමුව පවතින බව වාර්තා වේ.
ඒ අනුව, මහ කන්නය වන තෙක් අවශ්‍ය පොහොර රජයේ මැදිහත්වීමෙන් ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.
එළඹෙන යල කන්නය සඳහා පොහොර ගෙන්වීමට රජය මැදිහත් නොවී පෞද්ගලික අංශයට අවසර ලබා දීමට සාකච්ජා කෙරෙන බව ද ඒ සඳහා ලෝක බැංකුවේ ද සහාය හිමිවන බව ද පැවසේ.
ගොවීන්ට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා යම් සහන මුදලක් ලබා දීම කෙරෙහි ද අවධානය යොමුව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.
වගාවට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර තම අභිමතය පරිදි මිල දී ගැනීමට මේ සහන මුදල ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය අපේක්ෂා කළ ද ඒ සඳහා පැවති සාකච්ජාවකදී ගොවි සංවිධාන නියෝජිතයින් සිය විරෝධය පළ කර ඇතැයි අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.
ගොවි සංවිධාන එම සාකච්ජාවේදී පෙන්වා දී ඇත්තේ සහන මුදලක් ලබා දුන්න ද ගොවි බිම්වලට ප්‍රමාණවත් තරම් පොහොර නොලැබෙනු ඇති බව ය.
යම් හෙයකින් එම සහන මුදල් ගොවින් අතින් වෙනත් කාර්යන් සඳහා වියදම් වුවහොත් එම කන්නයේ අස්වනු අඩු වීමේ අවදානමක් පවතිනු ඇතැයි ද එබැවින් ඉදිරි කන්නවලදීත් රජයේ මැදිහත්වීමෙන් පොහොර ආනයනය කොට ගොවීන්ට බෙදා දෙන්නැයි ද ඔවුන් ඉල්ලීමක් කර ඇත.
අනිවාර්යයෙන්ම පොහොර ගෙන්වීම රජය විසින් කලයුතුයි.
පෞද්ගලික අංශයට දීමෙන් ගොවියා සූරාකෑමට ලක්විය හැකියි.
Fertilizer imports by the private sector would invariably precipitate a prohibitive cost which the poor farmers could ill afford
The govt. should continue the practice. Only they need to get their act together
The cost of fertilizers imported by the private sector would be prohibitive and beyond the means of poor farmers
The govt. should continue the practice
They must get their act together, that’s about it!
Comments are closed.