සම්මානය අරගෙන ඉස්කෝලෙට ගියේ පෙරහරකින්

0
48

FM දෙරණේ විකාශය කෙරෙන “පුංචිතරු” වැඩසටහනේ ශේනු නවාංජන පසුගිය දිනෙක 2022 වසරේ (ප්‍රශස්ත) ගුවන් විදුලි නිවේදක (ළමා) සම්මානය හිමිකරගත්තා. හඬකැවීම්වලට, සහ රංගනයට දක්ෂකම් පෙන්වන ශේනු කියවන්න උපන් හපනෙක්. අනාගතයේදී දක්ෂ නළුවකු වීමට සිහින දකින ඔහුත් සමඟ පැවැත්වූ සුහද කතාබහයි මේ.

ශේනු මේ දිනවලදී මොකද කරන්නේ?

හොඳින් සිටිනවා. නාට්‍යවල රූපගත කිරීම් තිබෙන නිසා ඒවාට සහභාගි වෙනවා. පාසල් යනවා. ඒ වගේම නිවේදන කටයුතුවලටත් සහභාගි වෙනවා.

ඔබට ලැබුණු ගුවන් විදුලි රාජ්‍ය සම්මානය ගැන මොකද සිතන්නේ.

ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මට ලැබුණේ 2022 වසරේ ප්‍රශස්ත ගුවන් විදුලි නිවේදක (ළමා) සම්මානය. මම සිතුවේ නැහැ සම්මානයක් ලැබෙයි කියලා. ඒත් ඒ සම්මානය ලැබුණාම ගොඩක් සතුටු හිතුණා.

සම්මානය ලැබුණාම ශේනුට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

සම්මානය අරගෙන මම පාසලට යනවිට මල්මාලා දාලා පෙරහරකින් තමයි මාව එක්කරගෙන ගියේ. පාසලේ බෑන්ඩ් එකත් ප්ලේ කළා. යාළුවෝ ඇවිත් මාව බදාගත්තා. අම්මෝ එදා නම් නියමයි.

මොකක්ද ඔබගේ පාසල?

මම ඉගෙන ගන්නේ ඇරැව්වල විද්‍යාලෝක විද්‍යාලයේ.

ශේනු කොහොමද පුංචි නිවේදකයෙක් වුණේ?

මම මුලින්ම දෙරණ නාළිකාවේ පුංචි තරුත් එක්ක ආයුබෝවන්” වැඩසටහනට ගියා. ඊට පස්සේ මම පණ්ඩිත රාමා ටෙලි නාට්‍යයේ හඬකැවීම් කළා. ඒ තැනින් මාව නිවේදන කටයුතුවලට සහභාගි කරවාගත්තා. එහිදී අනුරාධ සිගේරා මාමා මාව දැකලා හොඳටම පැහිලා වැඩසටහනට තෝරා ගත්තා.

ඔබ හඬ පුහුණුවීම් ඉගෙන ගන්නවද?

තවම ඉගෙන ගන්න ගියේ නැහැ.

ඔබ හඬ කවලා තිබෙන නිර්මාණ මොනවාද?

මම පණ්ඩිත රාමා නාට්‍යයේ බාස්කර්ගේ චරිතයට සහ ඒදණචතධධ කාටූන් එකට හඬ කැවීම් කළා. වැඩිපුරම කරන්නේ  දෙරණ එෆ්.එම්.එකේ. “පුංචි තරු” වැඩසටහන.

ශේනු පාසලේ ජනප්‍රිය තරුවක් නේද?

වැඩිපුර ජනප්‍රිය නැහැ. හැබැයි ටිකක් ජනප්‍රියයි.

ඔබට සුරතල් සතුන් සිටිනවද?

මට පූසෙක් හිටියා. කෑමක් විස වෙලා උෟ මැරුණා. ඊට පස්සේ මාළුවෝ හය දෙනෙක් සිටියා. ඒ අයගෙන් පහක්ම මැරුණා. ඉතිරි වුණු මාළුවාව මාමට දුන්නා.

ඔබේ පවුලේ තව කවුද ඉන්නේ?

මට අක්කලා තුන්දෙනෙක් සිටිනවා. වෙලාවකට මට එයාලව එපා වෙනවා. ඒත් එයාලා මට ගොඩක් ආදරෙයි. මමත් අක්කලාට ආදරෙයි.

ශේනුට මේ තැනට එන්න උදවු කළේ කවුද?

මාව මුලින්ම දෙරණ ටථ  එකට හඳුන්වා දුන්නේ තරිඳු කසුන් ජයවර්ධන මාමා සහ ජනිත් ලියනගේ මාමා. ඊට අමතරව දිල්රුක්ෂි සෙනෙවිරත්න නැන්දා, අනුරාධ සිගේරා මාමා, භාග්‍යා ෆර්නැන්ඩෝ නැන්දා, ශෂි තරංගනී නැන්දා, අබේරත්න නැන්දා, කසුනී වික්‍රමසිංහ නැන්දා, තනුජා විජේවික්‍රම නැන්දා, මධුමාලි විජේසිංහ නැන්දා ඇතුළු උදවු උපකාර කළ සියලුම දෙනාට ස්තූතිය පුද කරනවා.

ඔබ කැමැතිම නිවේදකයා කවුද?

අනුරාධ සිගේරා මාමා.

ශේනු රංගනයෙන් දායක නාට්‍යය මොනවාද?

ඡපධ නාට්‍යය, පියාඹන මූනිස්සම්, අවුරුදු නාට්‍ය සහ ශක්ති නාට්‍යවල රඟපාලා තිබෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම දක්ෂ නළුවෙක් වෙනවා. ඒ වගේම මම පරීක්ෂණ සිදුකරලා විද්‍යාවට අලුත් දේවල් සොයාගන්න උදවු වෙනවා. මම ගෙදර සිටින විට පුංචි පුංචි පරීක්ෂණ එහෙමත් සිදු කරනවා.

දුමිදු ලංකා බණ්ඩාර