මෛත්‍රි ඇමැතිකමක් භාර ගනියිද?

0
73

ඉදිරියේදී පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ කිසිදු තනතුරක් තමා භාර නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ‘ඉරිදා මව්බිම’ට පැවැසීය. තනතුරු භාර ගන්නා ලෙස යම් හෙයකින් ආරාධනයක් ලැබුණහොත් පක්ෂයේ අනෙකුත් මන්ත්‍රිවරු සමඟ සාකච්ජා කොට ඒ පිළිබඳව තීරණයකට එළැඹෙන බවද පක්ෂයේ අනෙකුත් මන්ත්‍රිවරු ඒ සඳහා සිය එකඟතාවට සහ කැමැත්ත පළ කරන්නේ නම් පමණක් එම තනතුරු භාර ගැනීම සඳහා ඔවුන්ට ඉඩ ලබාදෙන බවත් ඔහු අවධාරණය කළේය.

ඉකුත් සිකුරාදා අලුයම ගෝල්ෆේස් අරගලකරුවන්ට කළ පහරදීම තමා අනුමත නොකරන බවද ප්‍රකාශ කළ හෙතෙම සිකුරාදා දහවල් ඔවුන් එම ගොඩනැඟිල්ලෙන් පිටවන බව දැනුම්දී තිබියදීත් මෙවැනි සිද්ධියක් වීම කනගාටුවක් යැයි සඳහන් කළේය.

එසේම තම පාලන සමය තුළ කෙදිනකවත් ආණ්ඩුව විසින් තුවක්කු පාවිච්චි නොකළ බවද ඔහු පැවැසීය.

සවනි ශේශාධි