පුරාණ රහස් ඔසු සත්කාරයකින් තුනටියෙන් පහළ පණ නැති වූ රෝගියකු සුව කළ විස්කම

0
23

ඔබ නොදන්නවා වුණාට මිනිස් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හා සම්බන්ධ “නිල” හෙවත් “නිල කේන්ද්‍ර” පිහිටා තියෙන්නේ යටිපතුලේ සහ අත්ලෙහි බව කියන්න ඕනෑ. අප හැම මොහොතෙම අත්ල හා ගැටෙන ක්‍රියාවල යෙදෙන නිසා, අත්ලෙහි පිහිටි නිල ස්ථාන බොහෝ විට අප නොදැනුවත්වම උත්තේජනය වීම ස්වභාවිකවත්, ස්වයංක්‍රියවත් සිදුවෙනවා.

ඒ වගේම ශරීරයේ අභ්‍යන්තරිකව පිහිටා තියෙන සියලු ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වා ගැනීමට නම් යටි පතුලේ පිහිටා තියෙන සියලු නිල ස්ථාන උත්තේජනය වීම අත්‍යවශ්‍යයි. නමුත් ඔබට එහෙම උත්තේජනයක් ලැබෙනවාද? මහපොළොව මත ඇති ගල්, බොරලු, වැලි, සොබාදහමින් දායාද කර දී තිබෙන්නේ අපගේ යටිපතුල් ස්වයංක්‍රියව සම්බාහනය කරවන ක්‍රියාවලියක් හැටියටයි. නමුත් අප වැඩි වශයෙන්ම පොළොවෙහි පය තබා යන්නේ නෑ. ඒ වෙනුවට පාවහන් පැලඳගෙනයි පියවර තබන්නේ. ඒ නිසා පොළොවට ස්පර්ශ වෙන්නෙත් නෑ. ඒ නිසා ස්වභාවිකව ලැබෙන ජීවන ක්‍රියාවලිය අක්‍රිය වෙනවා. ඉන් අධික වෙහෙසට පත් වෙනවා. විශේෂයෙන් කාන්තාවන් දරාගත නොහැකි උස් අඩි සහිත පාවහන් පලඳිනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ යටි පතුල් හා දෙපා යුග මෙන්ම ඒ හා සන්ධි මෙන්ම පිටකොඳු ආශ්‍රිත විවිධ රෝගාබාධ හට ගැනීමයි.

දෙපතුළ මුළු සිරුරම නියෝජනය කරනවා. ඒ බව පුරාණ ඉසිවර වෙදැදුරන් විශේෂයෙන් උගන්වා තිබෙනවා. භාවිතයෙන් එහි ගුණාගුණ කියාදී තිබෙනවා. ඒ නිසා දෙපතුල මුළු සිරුරම පරාවර්තනය කරනවා කීවොත් නිවැරදියි. ඒ බැව් අවබෝධ කරවීමට තොරතුරු ටිකක් කියා දිය යුතුයි.

ඔබගේ දකුණු පාදයෙන් සිරුරේ දකුණු කොටස නියෝජනය වෙනවා. වම් පාදය සිරුරේ වම් කොටස නියෝජනය කරනවා. ඒ වගේම පෙණහලු, වකුගඩු, ඩිම්බකෝෂ වගේ සිරුරේ යුගල අවයව එක් අඩි පතුලකට බැගින් බෙදී යනවා. අක්මාව හා ප්ලීහාව වැනි තනි අවයව, ඒවා පිහිටා ඇති පැත්ත අනුව දකුණු හෝ වම් පාදයට අයත් වෙනවා.

සිරුරේ හරිමැද පිහිටි කොඳු නාරටිය දෙපතුල්වල ඇතුළු පැත්තට සම්බන්ධයි. මේ බව බොහෝ වෛද්‍යවරු වටහා නොගෙන ප්‍රතිකාර කරන්නට යෑම නිසා දුකට පත් රෝගීන් බොහොමයක් අප වෙත පැමිණ විස්තර කියා තිබෙනවා. ඒ නිසා උරහිස, උකුළ හා දණහිස් වැනි අංග දෙපතුල් හා කොතරම් සංවේදී දැයි අප අවබෝධයෙන් දන්නවා.

අප වෙත පැමිණි එක් රෝගියකුට දෙපතුල

පොළොවේ තබා නැඟිටගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඔහුව ඥාතීන් රැගෙන ආවේ ඔසවා ගෙනයි. කොඳු ඇට පෙළෙහි හටගත් වේදනාවත් වගේම කොන්ද පණ නැතිව ගිය තත්ත්වයත් බරපතළව තිබුණා. එහෙම වුණේ අහවල් කාරණාවක්ය කියා එයාගෙන් අහලා දැන ගන්නත් හැකි වුණේ නෑ. හිසරදය, පිටකොන්දේ රුදාව, පතුල් හිරිවැටීම තමයි මුලින්ම රෝග ලක්‍ෂණ හැටියට දැනිලා තියෙන්නේ. නමුත් හේතුව දන්නේ නෑ.

මේ වගේ රෝගීන් අද සමාජයේ බහුලයි. ඇතැමුන්ට සන්ධිගත රෝග විතරක් නෙවි ඔසප් දෝෂ මෙන්ම වාත රක්ත ගතියත් තිබෙනවා. අධිවේගී සමාජයක තමන්ගේ ශරීරය ගැන වැඩියෙන් සිතා බලා වැඩ කරන්න ලැබෙන්නේ නැහැ තමයි. මේ රෝගියාවත් එසේ නොසලකා හැරි නිසා රෝග ලක්‍ෂණවල බරපතළකම නොදැනෙන්න ඇති කියා හිතුණා.

මෙම තත්ත්වයත් නිවැරදිව පාලනය කර නොගත්තොත් සිරුරේ ආරක්‍ෂණ ක්‍රියාදාමය බිඳ වැටෙනවා. එවිට ප්‍රතිශක්තිය අහිමි වෙනවා. පහසුවෙන්ම රෝගාබාධවලට ලක්වෙනවා. අප රෝගියාව හොඳින් පරීක්‍ෂා කර බලලා කළ යුතු දේ වටහා ගත්තා. කොඳුඇට පෙළ, තුනටිය හා දෙපතුල් ආශ්‍රිතව නිල ස්ථාන හඳුනාගෙන පරීක්‍ෂා කර බලද්දී තමයි තත්ත්වය වටහා ගත්තේ.

ඕනෑම මෙවන් රෝගියකුගේ අක්‍රිය වූ ස්නායුවලට පණ දෙන ඉතා වටිනා, දුර්ලභ ඔසු අප සතුයි. ඒවා පුරාණ පොත්පත්වලින් උගෙන, අත්හදා බලා, බොහෝ වෙහෙසවී, පේවී හදා ගන්නා ඔෟෂධ. ඒවා අප මෙවැනි බරපතළ රෝගාබාධවලට යොදා ගන්නේ නොමසුරුවයි. ඇතැම් විට ඒවා නිපදවන්නට යන වියදම් හා වෙහෙස අද කාලයේ වැඩියි. නමුත් මනුෂ්‍යයන්ට නිරෝගී බව ලබාදීම උත්තම කාරියක්. අප ඒ දේ නිවැරදිව ඉටු කළා. ඉතා කෙටි කලකින් අපේ සත්කාරය මැද්දේ රෝගියාට පණ ආවා. ඔහු අද වෙනදා මෙන් නිරෝගීව ඇවිදගෙන යන වැඩ කරන නිරෝගී පුද්ගලයෙක්.

වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන මෙසේය – (අඟහරුවාදා – අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා – රත්නපුර, සිකුරාදා – මහනුවර, අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා – මහනුවර, අඹතැන්න

සුලක්ඛන ජයවර්ධන