නිදහස් මෘදුකාංග ලෝකයේ Ubuntu පෙරළිය-2

0
577

නිදහස් මෘදුකාංග ලෝකයේ Ubuntu පෙරළිය සම්බන්ධව අප ගිය සතියේ කතා කළා. නමුත් එහි විශේෂාංගයන් සහ ස්ථාපනය සම්බන්ධව වැඩිදුර තොරතුරු මේ සතියේ කතා කරන බව කිව්වා ඔබට මතක ඇති. අද අපි කතා කරන්නේ ස්ථාපනයෙන් පසුව ඇතිවන ගැටලු නිරාකරණය සම්බන්ධව සහ ආරක්ෂිත ක්‍රමෝපායන් භාවිතය සම්බන්ධව.

Ubuntu පරිහරණය කළ හැකි බව, ආරක්ෂිත බව සහ ස්ථිරභාවය කෙරෙහි මූලිකවම අවධානය යොමු කරනු ලබයි. සජී‍වී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මක වන අවස්ථාවක සිට පරිගණකය නැවත පණ ගැන්වීමකින් තොරව පරිගණක ස්ථිර මතකයේ උබුන්ටු ස්ථාපනය කිරීම සඳහා Ubiquity ස්ථාපිතකරණය මඟින් ඉඩදෙනු ලැබේ. තවද උබුන්ටු හැකි තරම් මිනිසුන් අතරට ව්‍යාප්ත කිරීම සඳහා සුලබ කිරීම හා ජාත්‍යන්තරකරණය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. විවිධ රෝමානු නොවන අකුරු ලිවී‍මේ ක්‍රමයන්ට උපකාරීවන UTF-8, Ubuntu ආරම්භය වූ 5.04 සිට පැවත එන නිත්‍ය සංකේත කේතන ක්‍රමය වේ.

ආරක්ෂක විශේෂාංගයක් ලෙස සූඩෝ මෙවලම පාවිච්චි කරන ලද අතර එමඟින් පරිපාලන ක්‍රියාවලි සිදුකි‍රීම සඳහා තාවකාලික වරප්‍රසාද ලබාදීම, පරිපාලක ගිණුම ආරක්ෂාකාරීව පවත්වාගෙන යෑම සහ පළපුරුදු නොවන පරිහරණය කරන්නන් නොදැනුවත්ව සිදුකරන වෙනස්කම්වලින් ‍හෝ ආරක්ෂක අගුළු විවර කිරීම්වලින් පද්ධතිය ආරක්ෂා කරගත හැකිය. තවද පද්ධතිය පාලන කර ගැනීම සඳහා මඳ පරිපාලන මූලධර්මය යටතේ ඩෙස්ක්ටොප් සංස්කරණයන්හි පොලිසිකිට් මෙවලම ස්ථාපිත කර ඇත.

Ubuntu පරිගණකයේ ස්ථාපනය වීමේදී මාදිලි රැසක මෘදුකාංග ලැබේ. OpenOffice.org, Firefox, Empathy (උබුන්ටු 9.10වලට කලින් සංස්කරණයන් Pidgin), Transmission, GIMP (උබුන්ටු 10.04වලට කලින් නිකුත් වූ සංස්කරණයන් හි) සහ තවත් සරල පරිගණක ක්‍රීඩා (සු‍ෙදාකු සහ චෙස් වැනි) ඒ අතර වේ. මෙම පෙරනිමි මෘදුකාංග හැරුණු විට තවත් අමතර නිත්‍ය නොවූ මෘදුකාංග බාගත කර ස්ථාපිත කරගත හැකි අතර ඒ සඳහා Ubuntu මෘදුකාංග මධ්‍යස්ථානය හෝ Synaptic පැකේජ කළමනාකරණය යොදාගත හැකිය. එම මෘදුකාංග දෙකම Synaptic සමඟ ලැබෙන පෙරනිමි මෘදුකාංග වේ.

Ubuntu සමඟ ලැබෙන firewall මඟින් ජාලකරණ නධබඵ වැසීම සිදු කළ හැකිය. ඊට අමතරව පරිශීලකයාට රිසි පරිදි නධපබඵ තෝරා ගැනීමද සිදුකළ හැකිය. එසේම උබුන්ටු පරිශීලකයන් හට Gufw (සංකීර්ණ නොවූ Firewall සඳහා අතුරු මුහුණත්) මෘදුකාංගය ස්ථාපනය කරගත හැකිය. GNOME (දැනට පවතින පෙරනිමි ඩෙස්ක්ටොප්) ව්‍යවහාරික භාෂා 46කටත් වඩා වැඩි ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයයි. ‍මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා නිර්මාණය කරන ලද බොහොමයක් වැඩසටහන් (උදා මයික්‍රොසොෆ්ට් ඔෆිස්) ක්‍රියාත්මක කිරීම සඳහාද Ubuntu පහසුකම් සපයයි. එය Wine හරහා හෝ අතථ්‍ය යන්ත්‍රය භාවිත කරමින්ද කළ හැකිය. (උදා VMware Workstation හෝ VirtualBox).

ස්ථාපනය

Ubuntu ස්ථාපනය සාමාන්‍යයෙන් සජීවී සංයුක්ත තැටි උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබයි. පරිගණක ප්‍රධාන මතකයේ ස්ථාපනය කිරීමකින් තොරව සජීවී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මක කළ හැකිවීම මෙම මෙහෙයුම් පද්ධතියේ විශේෂ ලක්ෂණයකි. (නමුත් අඩු කාර්යක්‍ෂමතාවකින්). එමඟින් මෙහෙයුම් පද්ධතිය කොතෙක් දුරට දෘඪාංග සහ දෘඪාංග ධාවක සමඟ ගැළපෙන්නේ දැයි පරිශීලකයන් හට පරීක්ෂා කර බැලිය හැකිය.

ඊට අමතරව මෙම Ubuntu සංයුක්ත තැ‍ටියේ Ubiquity ස්ථාපිතකරණයද අඩං‍ගුවේ. එමඟින් පරිශීලකයන් හට මෙහෙයුම් පද්ධතිය ස්ථිර මතකයේ ගබඩා කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වනු ලබයි. දැනට පවතින හා කලින් පැවැති සියලුම අනුවාදයන්හි සංයුක්ත තැටි අනුරූ බාගත කර ගැනීම් සඳහා උබුන්ටු වෙබ් අඩවියේ පහසුකම් සපයා ඇත. මෙම මෙහෙයුම් පද්ධතිය සංයුක්ත තැටියකින් ස්ථාපනය කරගැනීම සඳහා අවම වශයෙන් 256 MBක සසම්භාවී ප්‍රවේශ මතකයක් (RAM) අවශ්‍ය වේ.

පරිශීලකයන් හට Ubuntu අනුරුවක්. (.iso) බාගත කර සංයුක්ත තැටියකට හෝ DVD තැටියකට පිටපත් කරගත හැකිය. එසේ නොමැතිනම් පරිගණකයේ ස්ථිර මතකයේ සිට ක්‍රියාත්මක කළ හැකිය. (UNetbootin හෝ GRUB ඔස්සේ). Ubuntu ARM, PowerPC, SPARC, සහ IA-64 වේදිකාවන් හිදීද පවතී. නමුත් නිල වශයෙන් සේවා සපයන්නේ ARM සඳහා පමණි.

කැනොනිකල් සමාගම විසින් කිසිදු අය කිරීමකින් තොරව‍, අවම වශයෙන් තැපැල් ගාස්තුවද නොගෙන ලොව බොහෝ රටවලට Ubuntu හා Kubuntu සංයුක්ත තැටි ShipIt නම් සේවාව ඔස්සේ බෙදාහරිනු ලබමින් සිටියත් මේ වන විට එය නවතා දමා ඇත.

ස්ථාපිත කරන ලද උබුන්ටු මෙහෙයුම් පද්ධතියට දැනට මයික්‍රොසොෆ්ට් ‍වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පවත්නා පිටුසන, ඩෙස්ක්ටොප් පසුතල ඇතුළු විවිධාකාර සිටුවම් ලබාගැනීම සඳහා Migration උපකාරකය (2007 අප්‍රේල් මස හ¾දුන්වා දුන්) නම් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් උපාංගය භාවිත කළ හැකිය.

BIOS හි වෙනස්කම් සිදුකිරීම මඟින් උබුන්ටු හා කුබුන්ටු මෙහෙයුම් පද්ධති USB ෆ්ලෑෂ් ධාවකය යොදාගෙන ක්‍රියාත්මක කළ හැකිය. (ඒ සඳහා BIOS හි අදාළ පහසුකම සපයා තිබිය යුතුය). USB මඟින් ක්‍රියාත්මක කි‍රී‍මේ පහසුකම සහිත ඕනෑම පරිගණකයක Ubuntu ස්ථාපිත කිරී‍මකින් තොරව උබුන්ටු භාවිත කිරීමේ හැකියාව එමඟින් ලැබේ. උබුන්ටු මෙහෙයුම් පද්ධතිය USB ෆ්ලෑෂ් ධාවකයක ස්ථාපනය කිරීම සඳහා USB creator නම් නවතම වැඩසටහනක් Ubuntu නවතම අනුවාදවල පවතී. (සජීවී සංයුක්ත තැටියක් සහිතව හෝ රහිතව)

මීට පෙර පැවැති Ubuntu සංස්කරණයන්හි Wubi ලෙස විශේෂාංගයක් පැවැතුණි. Wubi යනු සජීවී සංයුක්ත තැටිවල අඩංගුවන්නාවූ තවත් ‍විශේෂාංගයකි. මෙම විශේෂාංගය මඟින් අතථ්‍ය වින්ඩෝස් loop device මත උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ක්‍රියාත්මක කරයි. (මෙය වින්ඩෝස් මෙහෙයුම් පැනලය) මඟින් ක්‍රියාත්මකවන අනෙක් වින්ඩෝස් වැඩසටහන් මෙන් ක්‍රියාකරන විශාල අනුරුවක් මෙනි). මෙම ක්‍රමය භාවිත කිරීමේදී වින්ඩෝස් පරිශීලකයාගේ ප්‍රධාන මතකය කොටස්වලට බෙදිය යුතු නැත. තවද Wubi භාවිතයේදී පරිශීලකයාගේ වින්ඩෝස් සිස්ටම් වෙත Ubuntu ලබාගැනීම සඳහා Migration උපකාරකය යොදා ගැ‍නීමේ හැකියාවද ලැබේ. එම ක්‍රමය වින්ඩෝස් පරිශීලකයන් සඳහා පමණක් වන අතර කාර්යක්ෂමතාවයේ සුළු අඩුවීමක්ද දැකගත හැකිය.

ශෙනායා හේවාගම